සිංහල, දමිළ අවුරුදු සමයේ ප්‍රවාහන සැලසුම සහ උත්සව සමයේ මහජන ආරක්ෂාව පිළිබඳ විධිමත් සැලසුමක් සකස් කොට ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව හා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරින් පෙන්වාදෙයි.
එම නිලධාරින් ඊයේ(06) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කළහ. ඒ අනුව
ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා…….. මෙම උත්සව සමයේ බස්රථ තුල ජංගම වෙළෙඳාම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ පිටකොටුව ගුණසිංහපුර සහ බැස්ටියන් බස් පර්යන්තයට යාචකයින් ඇතුළ්වීම නතර කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසියේ සහයෝගය අපි ලබාගෙන තිබෙනවා. බස්රථවල කාර්ය මණ්ඩලවලට අපි සහයෝගය ලබාදී තිබෙනවා ජංගම වෙළෙඳාම සිදුකරන්න ඉඩ දෙන්න එපා කියලා.
එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංගම සහ අනෙකුත් පෞද්ගලික බස්රථ විශේෂ වැඩපිළිවෙලක් අපි යොදවා තියෙනවා. විශේෂයෙන්ම එය හෙට දිනයේ සිට 18 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. හෙට දිනයේ සිට 15 වනදා දක්වා කොළඹ සිට පිට පළාත්වලට බස් රථ ධාවනය සිදුවෙනවා විශේෂ වැඩපිළිවෙල යටතේ. 15 වනදා සිට 18 වනදා දක්වා පිට පළාත්වල සිට කොළඹ බලා ගමන්කරන මගීන්ගේ පහසුව සඳහා විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මකවනවා. මේ වැඩපිළිවෙල යටතේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ 7000ක් පමණ ධාවනයට එකතු කරනවා. ඊට අමතරව බස් රථ 300ක පමණක පෞද්ගලික බස් රථ ඇණියක් අපි සූදානම් කරලා තියෙනවා හදිසි අවස්ථාවක යොදවන්න. ඒ අනුව බැස්ටියන් මාවතේ සිට බස් රථ 3000ක පමණ පෞද්ගලික බස් රථ ප්‍රමාණයකුත් ශ්‍රී ලංගම බස් රථ 4000ක පමණ ප්‍රමාණයකුත් මේ සඳහා එක්කරනවා. මේ ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා ජංගම පරීක්ෂකවරු යොදවලා තියෙනවා. මගීන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශවවල සහාය ඉල්ලා තිබෙනවා. මේ අතර බස්නාහිර පළාත තුළ වෙළෙඳ කලාපවල සිට සිය ගම්බිම් බලා යාමට විශේෂ බස් රථ සේවයක් යොදවා තියෙනවා.”
“මෙම කාලසීමාවේදී බස් රථවල ජංගම වෙළෙඳාම තහනම් කරලා තියෙනවා. මේ අතර ගුණසිංහපුර සහ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ වෙත යාචකයින් ඇතුළුවීම නවතා තිබෙනවා. විශේෂයෙන්ම බස් රථවල කාර්යමණ්ඩලයට උපදෙස් දී තියෙනවා ජංගම වෙළෙඳාම බස් රථවල සිදුනොකිරීමට.”
බැස්ටියන් මාවතට අමතරව මහකුඹුර විධ ප්‍රවාහන මධ්‍යස්ථානය අධිවේග මාර්ගයේ බස්රථ ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව කඩවත කඩුවෙල ස්ථානවලිනුත් බස්රථ පිටත්වීම සිදුවෙනවා. මාතර,ගාල්ල ඇඹීලිපිටිය මේ සේවාව ක්‍රියාත්මකයි. අවුරුදු සමයෙන් පසුවත් විශේෂයෙන් දකුණේ ප්‍රධාන නගරවල සිට නැවතත් මහකුඹුර , කොළඹ බැස්ටියන් මාවත ,කඩවත සහ කඩුවෙල දක්වාත් බස්ප්‍රවාහනය නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා.
ඉන්ධන ගාස්තු අඩුවි පැය හයක් යන්නට මත්තෙන් ගමනාගමන කොමිෂන් සභාව බස්ගාස්තු අඩුකිරීමක් සිදු කළා. එය පැය විසිහතරක් තුල ක්‍රියාවට නැංවූවා. නමුත් සමහර මාර්ගවල මෙම බස්රථ සංශෝධන ගාස්තු ක්‍රියාත්මක නොවන ආකාරයක් අපි දුටුවා. එහිදි මුල් අවස්ථාවලදි ජංගම පරීක්ෂකවරු යොදවලා බස්රථවල සංශෝධිත මිල ප්‍රදර්ශනය නොකරනවානම් හෝ වැඩි මිලගණන් අය කරනවානම් පළමු වරට ඒ අයට අවවාද සිදුකළා. ඉකුත් සඳුදා සිට ලබාදී තිබෙන උපදෙස් නොපිළිපදින සියලු බස්රථවලට අපි දඩකොළ නිකුත් කිරීම ආරම්භ කළා. එය දැන් ක්‍රියාත්මක වෙනවා. මේ වැරැද්ද කිහිප වතාවක් සිදුකළොත් ඉදිරියේදි අපි දැඩි ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. 90%ක් පමණ බස්රථවල සංශෝධිත බස්ගාස්තු ක්‍රියාත්මක වෙනවා. අදත් බස්නාහිර පළාත් සභාවේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. එය මාර්ගස්ථ මගිප්‍රවාහන අධිකාරිය එය ක්‍රියාත්මක කෙරුවා. අවුරුදු සමය වෙනවිට අපි සීයට සීයක්ම බස්රථ සංශෝධිත ගාස්තු ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල කලින් ආසන වෙන්කරගෙන යෑමට කටයුතු යොදා තිබෙන අතර එම පහසුකම පෞද්ගලික බස්රථවලත් තිබෙනවා. මගීන්ගේ රුචිකම අනුව එම සේවා ලබාගත හැකියි. ඊට අමතරව අන්තර් පළාත් බස්රථ තමයි අපි වැඩියෙන් ධාවනයට යොදවා තිබෙන්නේ. බස්රථ අඩුවන ඕනෑම අවස්ථාවකදි එම මාර්ගයට වෙනත් මාර්ගයක බස්රථ යොදවනවා. බස්රථ ඇණීයේ බස්රථ තුන්සීයක් පමණ තිබෙන අතර ඒ බස්රථවලට තාවකාලිකව බලපත්‍ර ලබාදී ධාවනයට යොදවන්න කටයුතු කරනවා. සියලුම බස්රථව සංශෝධිත මිල ගණන් ප්‍රදර්ශනය කරන තිබෙනවා. අනිවාර්යෙන්ම බස්රථවල ප්‍රවේශපත් නිකුත් කරනවා ඒවා පරීක්ෂා කරන්න අපේ ජංගම පරීක්ෂකවරුන් හා නිලධාරින් මහත්වරු යොදවනවා.
ඊට අමතරව ගැටලුවක් හෝ මොනයම් අකටයුත්තක් වෙනවා නම් මගීන්ට පුළුවන් 1955ට කතා කරන්න එම දුරකතන අංකය පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)වී.එස්.පොල්වත්තගේ මහතා…… මේවනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවාව කඳුකර ප්‍රදේශවලට වැඩි ඉල්ලුමක් තිබෙනවා. ඒ අනුව මෙම උත්සව සමයේ සිංහල හා දමිල ජනතාව වෙනුවෙන් සහ සංචාරක කර්මාන්තයත් උදෙසා විශේෂ ගමන්වාර තිහක් ඉකුත් (04) සිට (17) දක්වා සැලසුම් කර තිබෙනවාග මෙහිදි විශේෂයෙන් කොළඹ කොටුවෙන් සවස 7.30ට පිටත්වෙලා පසුදින උදෑසන අලුයම 5.05ට ළඟාවීමට (04), (06) , (12) හා (16) දිනවල කොළඹ සිට බදුල්ලට දුම්රියවාර සැලසුම්කර තිබෙනවා. ඒ එක්කම උදෑසන 6.30ට පිටත් වෙලා පස්වරු 5.15ට බදුල්ලට ළඟාවීමට (05) සිට (16) දක්වා වෙනකල් දෛනිකව දුම්රියක් සැලසුම් කර තිබෙනවා. ආපසු ගමන් ගන්නා දුම්රිය මගීන් වෙනුවෙන් බදුල්ලේ සිට කොළඹට පිටත්වීමට පස්වරු 5.20ට පිටත්වෙලා පසුදින අලුයම 3.50ට කොළඹට කොටුවට ළඟාවීමට (06),(12)හා (16) දින දුම්රිය ගමන්වාර තුනක් සැලසුම්කර තිබෙනවා. ඊට අමතරව බදුල්ලේ සිට පෙරවරු 7.00ට පිටත්වෙලා සවස 4.50ට කොළඹට ළඟාවීමට (06) සිට (17) දක්වා විශේෂ දුම්රිය ගමන්වාර සැලසුම් කර තිබෙනවා.එවැනි දුම්රිය වාර එකොළහක් අපි සැලසුම් කර තිබෙනවා. මේ විශේෂ දුම්රිය ගමන්වාරයි මීට අමතර දෛනිකව දු ම්රිය ගමන්වාර සිදුවෙනවා. (14) දිස හැර. මීට අමතරව දෛනික තැපැල් දුම්රිය ධාවනයන් සිදුවෙනවා.
මීට අමතරව මුහුදුබඩ මාර්ගය උතුරු මාර්ගය දෛනිකව ධාවනයවන දුම්රිය ධාවනයන්ට අවුරුදු සමය සඳහා විශේෂ දුම්රිය අමතරව කොළඹ කොටුවෙන් පිටත්වීම (15),(16) දිනවල සවස 7.20ට කොළඹින් පිටත්වෙලා සවස 9.35 ට ගාල්ලට ළඟාවීම. ඊට පසු(06),(07) මරදාන උදෑසන 6.05ට පිටත්වෙලා බෙලිඅත්තට උදෑසන 9.20ට ළඟාවීමටත් බෙලිඅත්තෙන් සවස 3.30ට පිටත්වෙලා සවස 7.00ට කොළඹ මරදානට ළඟාවිමිට සැලසුම් කර තිබෙනවා. ඊට අමතරව අනුරාධපුරයේ දුම්රිය ගමන්වාර දෙකක් අපි සූදානම් කර තිබෙනවා (09) හා (16) දිනවලදී අනුරාධපුරයෙන් දහවල් 12.30ට පිටත්වෙලා බෙලිඅත්තට රාත්‍රී 8.40 ළඟාවීමට. ආපසු බෙලි අත්තේ සිට අනුරාධපුරය දක්වා විශේෂ ගමන්වාර දෙකක් සූදානම් කළා (08) හා (15) දිනවලදී මේවිදියට පුත්තලම් මාර්ගය හැර විශේෂ දුම්රිය ධාවනයන් පවත්වාගෙන යනවා . දෛනික දුම්රිය ගමන්වාරවලට අමතරව මෙම විශේෂ දුම්රිය ගමන්වාර පැවැත්වෙනවා. ආසන වෙන්කරන මගීන් සඳහා මැදිරි දෙකක් ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය සඳහා සකස් කර තිබෙනවා. පළමුහා දෙවන පන්තියේ ආසන වෙන්කර ගැනීමේ පහසුකම් සහිතව.
මේ කාලයේ ඔඩිසි දුම්රිය වාර කිහිපයක් ලබාදීමට අපි සැලසුම් කර තිබුණත් මෙහිදි අපිට මානව සම්පත්වල ගැටලුවක් තිබෙනවා දුම්රිය රියැදුරන් හා රියැදුරු සහයකයින්ගේ නැතිවීම හේතුවෙන්. කොළඹ නානුඔය සහ මහනුවර බදුල්ල දක්වා ධාවනය දිවෙන දුම්රියවලින් එම සේවා සංචාරක මගීන්ට ලබාගත හැකියි. මීට අමතරව දුම්රිය සේවාවල ධාරිතාවයන් වැඩිකොට සංචාරකයින් ට අපේ මගීන්ට සේවා ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව හැකි උපරිම උත්සහයෙන් කටයුතුකරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මෙසේද කීය.බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා එළඹෙන උත්සව සමයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.
විශේෂයෙන්ම මෙම මාසය තුළ බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේ දිනවල සියලුම ප්‍රාදේශීය පොලිස් කොට්ඨාසවලට බීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ නළ බෙදාහැරීම ආරම්භ කරලා තියෙනවා. හෙට දිනය වනවිට අපි නළ 167,000කට ආසන්න සංඛ්‍යාවක් සියලුම ප්‍රාදේශීය පොලිස් කොට්ඨාසවලට ලබාදෙනවා. උත්සව කාලයේ බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා. වැදගත් වෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා ඔබ ඔබගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්න. පොලීසිය ඔබගේ සහායට නිරන්තරයෙන් ඉන්නවා. එසේම අපරාධ කරුවන් හඳුනාගැනීම සඳහා ක්ෂණික මාර්ග බාධක ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒවා දිවයින පුරාම ක්‍රියාත්මක වනවා. ඊට අමතරව තවදුරටත් ජංගම සංචාර, පා මුර සංචාර, රාත්‍රී සංචාර වැනි සංචාර නිරන්තරයෙන්ම යොදවනවා ඔබගේ ආරක්ෂාව සඳහා. ඔබේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන්න, එහෙම නොවුනොත් උත්සව සමයේ ඔබේ වන්දනා ගමන, විනෝද ගමන වැනි සියලු දේ ඔබට ශෝකාන්තයක් බවට පත්වෙන්න පුළුවන්