21.8 C
Sri Lanka
Friday, May 9, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලාංකික කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය සමඟ...

ශ්‍රී ලාංකික කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය සමඟ කාර්මික සංවර්ධන මණ්ඩලය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනයේ සභාපති ජයන්ත ගාල්ලෙහේවා මහතා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම මහතා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

ඉලක්කගත අරමුණු කරා ළඟාවීමට, සැපයුම් දාම කළමණාකරණයේ ඇති වැදගත්කම පසක් කරමින්, කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ශ්රී ලාංකික කර්මාන්ත ක්ෂේත්රයේ ප්රවර්ධනය උදෙසා, සැපයුම් හා ද්රව්ය කළමණාකරණ ආයතනය (ISMM) විසින් යෝජනා කළ පරිදි, සැපයුම් හා ද්රව්ය කළමණාකරණය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට පසුගිය දා ( 10), කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන්, කර්මාන්ත අමාත්යංශයේ දී එළඹුණි.

ක්ෂේත්රයේ සැපයුම් දාම කළමණාකරණය කිරීමට මූලික ප්රතිපත්ති රාමුවක් සකසා කර්මාන්තශාලා තුළ සැපයුම් ජාල ක්රියාවලිය කාර්යක්ෂම හා ශක්තිමත් කිරීමේ හැකියාව මෙම අවබෝධතා ගිවිසුම ක්රියාවට නැංවීමෙන් සිදු වේ.

එම ක්ෂේත්රය පිළිබඳ වසර 50ක ඉතිහාසයක් ඇති, සැපයුම් දාම කළමණාකරණය සම්බන්ධ වෘත්තිකයින් බිහිකරන ප්රමුඛතම ආයතනය ලෙස, සැපයුම් හා ද්රව්ය කළමණාකරණ ආයතනය වෙත ස්තූතිය පිරිනමන බව රමේෂ් පතිරණ අමාත්යවරයා ප්රකාශ කළේය.

එමෙන්ම ඉදිරියේ දී ආනයන ආදේශන හා අපනයන නිෂ්පාදන කර්මාන්ත දියුණු කිරීම අත්යාවශ්ය බවත්, විශේෂයෙන්ම ක්ෂුද්ර, සුළු හා මධ්ය පරිමාණ කර්මාන්ත ඉදිරියට ගෙන ඒමට නම් එම කර්මාන්තවල සැපයුම් දාම කළමණාකරණය නිවැරදිව හා කාර්යක්ෂමව සිදු කිරීම වැදගත් වන බවත් අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් ISMM සභාපති ජයන්ත ගාල්ලෙහේවා මහතා, සෑම වර්ෂයකම ඔක්තෝබර් මස 24 වැනි දින “ජාතික සැපයුම් දාම දිනය ” ලෙස පසුගිය වසරේ සිට නම් කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට මූලිකත්වය ගැනීම පිළිබඳව අමාත්යවරයාට ස්තුතිය පුදකළ අතර, පසුගිය දා පැවැත්වූ අන්තර්ජාතික සැපයුම් හා ද්රව්ය කළමණාකරණය පිළිබඳ සම්මන්ත්රණයට පසුව සැපයුම් හා ද්රව්ය කළමණාකරණ ආයතනය විසින් ශ්රී ලංකා රජය වෙත පිරිනැමීම සඳහා සම්පාදනය කරන ලද “කාර්යක්ෂම ඵලදායිතාවක් ලබා ගැනීම සඳහා සැපයුම් දාම ක්රියාවලීන් විධිමත් කිරීම සඳහා අනුගමනය කිරීමට නිර්දේශිත නිවාරණ ක්රියාමාර්ග පිළිබඳ උපදේශන සටහන්” සහිත ප්රකාශනයද (“Advisory Notes on Curative Measures to Streamline Supply Chain Processes to Achieve Enhanced Productivity”) අමාත්යවරයා වෙත පිළිගන්වන ලදී.

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් වශයෙන් සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම, සාමාන්යාධිකාරී පී. එල්. යූ. රත්නමලල, ඉංජිනේරු අධ්යක්ෂ ඩබ්. ඒ. පී. කේ.නිශාන්ත, ව්යාපෘති සම්බන්ධීකාරක, ජ්යෙෂ්ඨ ඉංජිනේරු සහායක නන්දලාල් ලේකම්ගේ හා සැපයුම් හා ද්රව්ය කළමණාකරණ ආයතනයේ වෙනුවෙන් එම ආයතනයේ සභාපති ජයන්ත ගාල්ලෙහේවා, හිටපු සභාපති සරත් ගමගේ, උප සභාපති මේජර් ජෙනරාල් රේනක උඩවත්ත (විශ්‍රාමික), මහලේකම් ආචාර්ය සනත් දිවාකර ආදී මහත්වරුන් පිරිසක් එක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments