21.7 C
Sri Lanka
Friday, May 9, 2025
Homeදේශීය පුවත්police newsදෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයකු මත්කුඩු සමග හා, අවිගබඩාවක්,කෝටි පහක තල්මසුන්ගේ අම්බර් එස්.ටී.එෆ්....

දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයකු මත්කුඩු සමග හා, අවිගබඩාවක්,කෝටි පහක තල්මසුන්ගේ අම්බර් එස්.ටී.එෆ්. අත්අඩංගුව.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුවූ දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සියලු අත්අඩංගුවට ගැනීම් සහ වැටලීම් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සිදුකර ඇත.
ඒ් අනුව ඒම කාර්ය බලකාය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්) එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. නදීක සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) දෙමටගොඩ පොලිස් වසමේ අංක 33/3 නියදගල, පන්නිපිටිය ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 25 ක් අඩංගු පැකට් 400 ක් සන්තකයේ තබාගෙන සිටි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරිනායක පතිරණගේ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද යන අයගේ පුතා වන මලීෂ යන අයගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය ජවාරම් සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.

නිවසක් තුල අවි ගබඩාවක් පවත්වාගෙන ගිය පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය මුලතිවි කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ආර්.එම්. සුමනවර්ධන මහතාගේ මගපෙන්වීම පරිදි ප්‍රාදේශිය අණදෙන නිලධාරී මුලතිව් සහකාර පොලිස් අධිකාරි කේ.ජී.ජී. නිශාන්ත මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය මුලතිවි කඳවුරේ උප පොලිස් පරීක්ෂක ඊ.ජී.ඩී.ඩී.බී. ඇල්ලේපොල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) ධර්මපුරම් පොලිස් වසමේ පිලමන්දනාරු, මයිල්වානපුරම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන තුවක්කු නිෂ්පාදනය කිරීම, වෙඩිබෙහෙත් කොටන තුවක්කු සහ තුවක්කු නිෂ්පාදනය කිරීම සඳහා යෙදාගන්නා උපකරණ සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 56 ක පිලමන්දනාරු, මයිල්වානපුරම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ධර්මපුරම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සැකකරුගේ නිවසේ තිබී ඛෙහෙත් කොටන තුවක්කුවක්, බඳින තුවක්කු දෙකක්, තුවක්කු සෑදීමට ගන්නා බට 06ක්, ඊයම් කැබලි 14 ක්, නියන්, දඩු අඬු හා තුවක්කු නිශ්පාදනයට ගන්නා උපකරණ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.මෙලෙස ගිනි අවි සන්තකයේ තබාගෙන සිටිම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී .

කෝටි 05 කට අධික වටිනාකමක් ඇති පාවෙන රත්‍රන් ලෙස සැලකෙන තල්මසුන්ගෙන් ලබාගන්නා අම්බර් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්) එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් අංශ iii හි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එස්.ඊ.එච්. මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) හෝමාගම පොලිස් වසමේ අංක 33/3 නියදගල, පන්නිපිටිය ලිපිනයේ දී වැටලීමක් සිදුකර අම්බර් කිලෝ ග්‍රෑම් 14 ග්‍රෑම් 300 සන්තකයේ තබාගෙන සිටි මීගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හෝමාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තල්මසුන්ගෙන් ලබාගන්නා අම්බර් නොහොත් තල්මස් වමනය ඉතාමත් මිල අධික වන අතර මෙය මිල අධිකම සුවඳ විලවුන් නිපදවීම සඳහා යොදා ගනී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments