පුල්මුඩෙි පඔරුගස්හින්න රජයෙ රක්ෂිත ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළුවී රක්ෂිතය වනසමින් එස්කැවේටර් රථයක් මගින් පස් කපා ට්‍රැක්ටර් රථවලට පටවමින් සිටි සැකකරුවන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
ඒ් අනුව විශේෂ කාර්ය බලකාය පුල්මුඩේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වවිනියාව කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඒම්.කේ.බි.ඒස්.ඒන්. ගුණරත්න මහතාගේ අධීක්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරි දයාරත්න මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය පුල්මුඩේ කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එච්.එම්.එස්.කේ. දොඹවෙල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) පුල්මුඩේ පොලිස් වසමේ පඹුරුගස්හින්න රජයේ රක්ෂිත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී රජයේ රක්ෂිත ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළුවී ජෛව පරිසරයට හානි ගෙන දෙමින් ස්වාභාවික පරිසරය වනසමින් බලපත්‍රයක් නොමැතිව එස්කැවේටර් රථයක් මගින් පස් කපා ටැක්ටර් රථ 02 කට පටවමින් සිටි මැදවච්චිය සහ පුල්මුඩේ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27, 24, සහ 28 වන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුල්මුඩේ බිට්ටු අඩවි වන නිලධාරි කාර්යාලය වෙත භාර දී ඇත.
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) බොරැල්ල පොලිස් වසමේ අංක 1AF1U14, සිරිසර උයන, බේස්ලයින් පාර, බොරැල්ල ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18, මිලි ග්‍රෑම් 500 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 95,500.00 ක් සන්තකයේ තබාගෙන සිටි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මහා පරිමාණයෙන් හෙරොයින් සහ කේරළ ගංජා ජාවාරම් කල පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශය III හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් අංශ III හි උප පොලිස් පරීක්ෂක ඒ.එච්.ඕ.එස්. සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) ගල්කිස්ස පොලිස් වසමේ අංක 195/02 අදියර, බඩෝවිට, ගල්කිස්ස ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට මාර්ගයේ දී වැටලීම් 02 ක් සිදුකර ඇත. කේරළ ගංජා කිලෝ 01, ග්‍රෑම් 200 ක්, හෙරොයින් ග්‍රෑම් 50, මිලි ග්‍රෑම් 200 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 170,000.00 ක් හා හෙරොයින් පාර්සල් කිරීම සදහා උපයෝගි කරගන්නා ලද වාලම්පුරි සලකුණ මුද්‍රිත A4 ප්‍රමාණයේ කඩදාසි 500 ක් සන්තකයේ තබාගෙන සිටි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක හා 31ක් වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.