සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට විදෙස් ගතව අපරාධ ජාලය මෙහෙයවන වැල්ලෙ සුරංග සමග සම්බන්ධතා පවත්වමින් හෙරොයින් ජාවාරමෙි යෙදුන කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් අනුව මෙම සියලු වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27) මට්ටක්කුලිය පොලිස් වසමේ අංක 47/ B/ 10, සමිත්පුර, මට්ටක්කුලිය, කොළඹ 15 යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී දිගු කලෙක පටන් සංවිධානාත්මක අපරාධ කරුවන් සමග සමිබන්ධතා පවත්වමින් හෙරොයින් ජාවාරම් කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62ක් වන කාන්තාවක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදල් රුපියල් 52,500.00 සහ හොරෝයින් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වු තොරතුරු අනුව මැය දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගමගේ සුරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සුරංග යන අය සමග සම්බන්ධතා පවත්වමින් ඔහුගේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජවාරම් සිදු කරන බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
වාකරේ කදිරවේලි රක්ෂිතයේ වන සමින් වැලි කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකෙු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වවිනියාව කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඒම්.කේ.බි.ඒස්.ඒන්. ගුණරත්න මහතාගේ අධීක්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරි දයාරත්න මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය වාකරේ කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක බී.යු.එස්. විජේසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27) වාකරේ පොලිස් වසමේ වන්නි කිරිමිච්චිආරු ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාතික රක්ෂිතයයක් වන කදිරවේලි රක්ෂිතය ජෛව විවිධත්වයට ද හානි ගෙන දෙමින් දිගු කලෙක පටන් සිදුකරන වැලි ජාවාරම පසුපස හබාගිය විශේෂ කාර්ය බලකාය වැලි කැණීම් කර පටවමින් සිටි වාලච්චේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23, 24, 31, 32, 31 වයස්වල පුද්ගලයින් පස්දෙනෙකු වැලි පුරවන ලද ට්‍රැක්ටර් රථ 04 ක් සහ වැලි පැටවීමට භාවිතා කරන ලද ලෝඩර් රථයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.