ඝාතනය සදහා හිංසාකාරී ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ. ඒ් අනුව එම කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.ආර්.ඒම්. රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි ඩි.පි.යු. කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ උප පොලිස් පරීක්ෂක ඩබ්.කේ.ආර්.ඒ. අයේෂ්මන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) කිලිනොච්චිය පොලිස් වසමේ පන්නන්කණ්ඩි ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හිංසාකාරී ලෙස, නීති විරෝධීව ලොරි රථයක් මගින් ගවයින් හත්දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සිවිල් ආරක්ෂක බලකායේ පුද්ගලයකු පාසල් ළමුන් හා තරුණ පිරිස් ඉලක්කකර මත් කරල් අලෙවි කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වවිනියාව කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඒම්.කේ.බි.ඒස්.ඒන්. ගුණරත්න මහතාගේ අධීක්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරි දයාරත්න මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම් කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එල්.එස්. ගුරුසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) ඇටවීරගොල්ලෑව පොලිස් වසමේ පේද්දගම වැව අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පාසල් ළමුන් හා තරුණ පිරිස් ඉලක්කකර ප්‍රිගැබ්ලීන් වර්ගයේ මත් කරල් සන්තකයේ තබාගෙන අලෙවි කරමින් සිටි කැබිතිගොල්ලෑව සිවිල් ආරක්‍ෂක සේවා බල මූලස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයෙකු මත් කරල් 50 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පාසල් දරුවන් ඉලක්ක කරමින් කේරළ ගංජා ජාවාරමෙි යෙදී සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II හි උප පොලිස් පරීක්ෂක ටී.එන්. ධර්මවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) කඩවත පොලිස් වසමේ අංක 412/c, බටහේන පාර, මාවරමණ්ඩිය, කඩවත ලිපිනයේ පිහිටි නිවස අසල දී වැටලීමක් සිදුකර පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් කේරළ ගංජා විකිනීම හා බෙදාහැරීම සිදු කරමින් සිටි කඩවත, මාවරමණ්ඩිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් වන පුද්ගලයකු කේරළ ගංජා ග්‍රෑම් 51, මිලි ග්‍රෑම් 100 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩවත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.