26.8 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්කොවිඩ් හේතුවෙන් පෞද්ගලික බස්රථ හිමියන් මහුණ දෙන ගැටළු පිළිබඳව විශේෂ සාකච්ඡාවක්

කොවිඩ් හේතුවෙන් පෞද්ගලික බස්රථ හිමියන් මහුණ දෙන ගැටළු පිළිබඳව විශේෂ සාකච්ඡාවක්

කොවිඩ් වසංගතය තත්ත්වය හේතුවෙන් පෞද්ගලික බස්රථ හිමියන් මහුණ දෙන ගැටළු පිළිබඳව සලකා බැලීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමාගේ හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2020.12.01) දින බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යාංශ ශුවණාගාරයේදී පැවැත්විණ. දිවයිනේ පළාත් නමයම ආවරණය වන පරිදි පළාත් 09 මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල සභාපතිවරුන් ද ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම හා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම්වල නියෝජිතයන්ද මේ අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පෞද්ගලික බස්රථ හිමියන්ට ලබා දිය හැකි පහත සඳහන් සහන පිළිබඳව සාකච්ඡා විය.

  • ලොග් සීට් සහ පිවිසුම් පත්‍ර සඳහා සහන කාලයක් ලබා ගැනීම
  • බලපත්‍ර සම්බන්ධයෙන් අයකරනු ලබන ප්‍රමාද ගාස්තු ඉවත් කරවා ගැනීම
  • පළාත් සභාවලින් අයකරනු ලබන වෙනත් ගාස්තු සම්බන්ධව සහන ලබා ගැනීම
  • එකිනෙක පළාත් සභාවලින් එක් එක් කාරණා සඳහා අය කරනු ලබන ගාස්තු විෂම බැවින් සියළුම පළාත් සභාවල අයකරන ගාස්තු සඳහා එකම ක්‍රමවේදයක් සැකසීම

මෙහිදී පෞද්ගලික බස්රථ හිමියන් සඳහා ලබා දිය හැකි සහන පිළිබඳව සියළු අංශ සමග සාකච්ඡා කොට ස්ථිර විසඳුමකට පැමිණෙන තෙක් 2020 දෙසැම්බර් මස මුල් සති දෙක ගත වෙන තෙක් ලොග් ෂීට් හා පිවිසුම් පත්‍ර සඳහා ගාස්තු අය නොකර සිටීමටද තීරණය විය.

එමෙන්ම එක් එක් පළාත් සභාවලින් එක් එක් කාරණා සඳහා අයකරන ගාස්තුවල පවතින විෂමතාවය සම්බන්ධයෙන් වූ ගැටළුව ද ගරු අමාත්‍යතුමාගේ අවධානයට යොමු විය. එහිදි ගරු අමාත්‍යතුමා ප්‍රකාශ කර සිටියේ, පළාත් නමයේම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල අදහස් හා යෝජනා ඇතුළත් කෙටුම්පතක් හැකි ඉක්මණින් ලබා දීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කොට ඒ පිළිබඳව සොයා බලා පළාත් ආණ්ඩුකාරවරුන් ද දැනුම්වත් කිරීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් වෙත එම යෝජනාවලිය ඉදිරිපත් කිරීමට හැකි බවයි. ඉන් පසුව අවශ්‍ය වුවහොත් කැබිනට් මණ්ඩලය දැනුම්වත් කොට සියලුම පළාත් සභාවල ගාස්තු අය කිරීමේ එකම ක්‍රමවේදයක් සකස් කිරීමට හැකි වනු ඇති බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments