යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් 2023 මැයි මස 31 වන දින දක්වා යොමු කිරීමේ හැකියාව පවතින බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. 2023 මැයි මස 31 වන දින දක්වා කාලය තුළ මහජනතාවට, සිවිල් සංවිධාන වලට තම යෝජනා හා අදහස් යොමු කිරීමේ හැකියාව පවතින අතර ඒ සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනා හා අදහස් ලිඛිතව ඉදිරිපත් කරන ලෙසද අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ඉල්ලා සිටී.
ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතෙහි සිදුකලයුතු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනා පහත සඳහන් විද්‍යත් ලිපිනයට යොමු කරන ලෙස සිවිල් සංවිධාන වලින් හා මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම යෝජනා හා අදහස් සැලකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිත අතර ඒ සඳහා අදාල පාර්ශව සමඟ සාකච්ඡා කිරීමටද නියමිතය.
විද්‍යත් ලිපිනය – [email protected]