25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඅපරාධකල්ලි නායකයෙකු හා මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පූකටිකන්නාගේ ගෝලයා එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

අපරාධකල්ලි නායකයෙකු හා මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පූකටිකන්නාගේ ගෝලයා එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු හා මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පූකටිකන්නාගේ ගෝලයා මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II හි නිලධාරීන් කණ්ඩායමක් (12) කොටහේන පොලිස් වසමේ ආමර්වීදිය හංදිය අසල දී වැටලීමක් සිදුකර ජාවාරම් කිරීම සදහා කේරළ ගංජා කිලෝ 02, ග්‍රෑම් 43 ක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ 13, ජම්පටාර් වීදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීමේ දී මොහු දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු හා මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් පූකටිකන්නා නැමැති සංවිධනාත්මක අපරාධ කල්ලි නායකයාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන පුද්ගලයා බවට තොරතුරු අනාවරණය විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments