විදෙස් ගතව මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බුම්මා කල්ලියේ ප්‍රධාන සාමාජිකයකුගේ හෙරොයින් සමඟ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ I හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් අංශ I හි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.එස්. මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) බ්ලුමැන්ඩල් පොලිස් වසමේ අංක 59/1/1, වෝල්ස් වීදිය, කොළඹ 15 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සදහා හෙරොයින් ග්‍රෑම් 222, මිලි ග්‍රෑම් 01 ක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි වෝල්ස් වීදිය, කොළඹ 15 වීදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බ්ලුමැන්ඩල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සැකකාරියගෙන් වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීමේ දිගු කලෙක පටන් ඇය හෙරොයින් ජාවාරමෙි යෙදී සිට ඇති බවට අනාවරණය වි ඇති අතර සැකකාරිය සතුව තිබී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විග්නේෂ් නැමැත්තකු විසින් එවා ඇති අතර විග්නේෂ් නැමැත්තා සැකකාරියගේ ස්වාමිපුරුෂයාගේ බාල සොහොයුරා වේ. විග්නේෂ් නැමැත්තා දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා කල්ලියේ ප්‍රධාන සාමාජිකයකු වේ. තවද මෙම සැකකාරියගේ සැමියා හෙරොයින් සන්තකයේ තබාගෙන සිටිය දී වෙරළබඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඔහු මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින බවට අනාවරණය විය.