23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදනකු එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදනකු එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මහා පරිමාණයේ නීති විරෝධී මත්පැන් ජාවාරම් කරු මත්පැන් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ගේ අත්අඩංගුවට

මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සිදු කෙරිණි.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක පී.වී.ඩී.ජේ.ඩී. නිශාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) මහබාගේ පොලිස් වසමේ තොටුපල පාර, වැලිසර, රාගම ලිපිනයේ දී වැටලීමක් සිදුකර වැලිසර, රාගම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ජාවාරම් කිරිම සදහා නීති විරෝධී මත්පැන් ලීටර් 337 ක් සන්තකයේ තබාගෙන සිටි තොටුපල පාර, වැලිසර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මහබාගේ වෙත භාර දී ඇත.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ඩුබායි ධනුෂ්කගේ ගෝලයකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක පො.ප. ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) ගොතටුව පොලිස් වසමේ ආඬිහේන, ගොතටුව ප්‍රදේශයේ පිහිටි නිවස තුල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ජාවාරම් කිරීම සදහා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි, මිලි ග්‍රෑම් 100 ක් සන්තකයේ තබාගෙන සිටි මාදින්නාගොඩ, රාජගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගොතටුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මොහුගෙන් වැඩිදුරටත් සිදුකරන ලද ප්‍රශ්නකිරීමේදී සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩුබායි ධනුෂ්ක යන අය සමග සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවට තොරතුරු අණාවරනය කරගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments