22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන එමින් සිටි වියළි මුහුදු කූඩැල්ලන් ඇතුළු...

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන එමින් සිටි වියළි මුහුදු කූඩැල්ලන් ඇතුළු භාණ්ඩ තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, සින්නඅරිච්චා‍ලයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ (18) රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන එමින් සිටි වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 193 ක් (තෙත බර සහිත) සහ තවත් භාණ්ඩ ‍තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරේ.
මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවික හමුදා මැරීන් කණ්ඩායමක් මඟින් කල්පිටිය, සින්නඅරිච්චා‍ලයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ (18) රාත්‍රී කාලයේ කුඩා යාත්‍රා යොදවා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගොඩබිමට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම යාත්‍රාවේ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැ‍ගෙන එමින් තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 193 ක් (තෙත බර සහිත), ෂැම්පු පැකට් (මිලි 6) 33600 ක්, බාම් ඇසුරුම් (ග්‍රෑම් 50) 198 ක්, වායු සමීකරණ යන්ත්‍ර 01 ක්, Voltage Stabilizer 230 V යන්ත්‍රයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් වියළි මුහුදු කූඩැල්ලන් ඇතුළු නීති විරෝධී ලෙස රැගෙන එන ලද භාණ්ඩ තොගය, ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් දෙදෙනා (02) ඉදිරි නීතිමය කටයුතු සදහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments