අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සිදුකර ඇත.
ඒ් අනුව එම කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් ඒකකය පොලිස් පරික්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) නිවිතිගල පොලිස් වසමේ ඇල්ලදොල පාර ඇල මාර්ගයේ දී වැටලීමක් සිදුකර වර්තමානයේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු වන මන්දිදු පත්මසිරි පෙරේරා සහ අවිශ්ක යන පුද්ගලයින් දෙදෙනාට අයත් මත්ද්‍රව්‍ය මෙරට ජාවාරම් සිදුකරනු ලැබු රාගම හා කොටුගොඩ ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11, මිලි ග්‍රෑම් 930 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 195 ක් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රත්නපුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
විදෙස් ගතව මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු කල්ලියක්අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් ඒකකය පොලිස් පරික්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) රත්නපුර පොලිස් වසමේ අංක 04/03, මාරපන දකුණ, මාරපන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර වර්තමානයේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු වන මන්දිදු පත්මසිරි පෙරේරා සහ අවිශ්ක යන පුද්ගලයින් දෙදෙනාට අයත් මත්ද්‍රව්‍ය මෙරට ජාවාරම් සිදුකරනු ලැබු කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 19 ක්, මුදලින් රුපියල් 25,600.00, ජංගම දුරකථන 05, හා විද්‍යුත් තරාදියක් සන්තකයේ තබාගෙන කාර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටිය දී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සහ ප්‍රවාහනයට අනුබලදුන් පුද්ගලයකු සහ කාන්තාවක්ද සමගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රත්නපුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොහු ඉකුත් (19) නිලධාරින් කණ්ඩායමක් විසින් සීදූව පොලිස් වසමේ අංක 200/31/ඒ, පුබුදු මාවත, කසගහවත්ත, කොටුගොඩ ලිපිනයේ දී සිදුකරන ලද වැටලීමේ දී ගෝනහේන කදවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයට අනුයුක්ත පොලිස් කොස්තාපල් 90782 පියුමාල් නිලධාරියාට එම ස්ථානයේ දී මන්නයකින් පහර දී තුවාල සිදුකරනු ලැබු දිලුම් නැමති සැකකරු වේ.
සිලෝන් ටී නමින් ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවෙ තේ ඉල්ලුම පහත හෙලීමට බලපාන කසල තේ සකස් කර ප්‍රවාහනය කළ පුද්ගලයකු කසල තේ සමග විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය තලවකැලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්.එන්. ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරී ඩබ්.සි.ඒ.එස්. ද සිල්වා මහතාගේ අධීක්ෂණය සහ මගපෙන්වීම මත උප පොලිස් පරික්ෂක එන්.ජී.එන්. දිසාන්ත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) ආගරපතන පොලිස් වසමේ හෝල්බෘෘක් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර බලපත්‍රයක් හෝ ලියාපදිංචියකින් තොරව මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ නැවත සකස් කර බලපත්‍රයක් නොමැතිව කසළ තේ ප්‍රවාහනය කිරීමේ වරද යටතේ ආර් ඩ්ලෝ කොටස, අගරපතන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 42 වන පුද්ගලයකු කසළ තේ කි.ග්‍රෑ. 370ක් සමග ප්‍රවාහනයට යොදාගත් කැබ් රථයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ආගරපතන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
යුධ හමුදා විල හැදුනුමි පත භාවිතා කරමින් අයිස්, හැෂ් මත්ද්‍රව්‍ය හා Pregabline (ප්‍රීගැබිලින්) වර්ගයේ මත්පෙති ජාවාරමෙ යෙදුන හමුදා සෙබලා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ආර්.එම්ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) මුල්ලේරියාව පොලිස් වසමේ මුල්ලේරියාව උණ රෝහල ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සදහා අයිස් ග්‍රෑම් 08 ක්, මිලි ග්‍රෑම් 150 ක්, හැෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 400 ක් හා Pregabline (ප්‍රීගැබිලින්) වර්ගයේ මත්පෙති 1,850 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි උඩුමුල්ල, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සැකකරුගෙන් වැඩිදුරටත් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී මොහු 2020 වර්ෂයේ දී පමණ නිත්‍යානුකූල නොවන අන්දම්න් සේවය හැරගොස් සිටින යුධ හමුදා සෙබලෙක් බවට අනාවරණය වු අතර සැකකරු පරික්ෂා කිරිමේදි ඔහු සන්තකයේ තිබී යුධ හමුදාවෙන් නිකුත් කරන ලද හැදුනුම්පතක් හමු වු අතර සැකකරු එය භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හා ජාවාරම් සිදු කරන බවට තොරතුරු අනාවරණය විය.
