25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජනතා පරමාධිපත්‍යයේ මූලිකාංගයක් වන ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචි වීම...

ජනතා පරමාධිපත්‍යයේ මූලිකාංගයක් වන ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්යය අවශ්‍යතාවයකි.

ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය 2023

ඡන්දහිමි නාමලේඛනයේ ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වී ඇති සෑම පුද්ගලයෙකුම ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා ඡන්ද විමසීම, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සහ ජනමත විචාරණ වලදී ඡන්දය දීමට සුදුසුකම් ලබයි.

මේ අනුව ජනතා පරමාධිපත්‍ය යටතට ගැනෙන ඡන්ද බලය සෑම පුරවැසියෙකුම සතු වූවත් එය ක්‍රියාත්මක කළ හැක්කේ ඔබගේ නම ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත්ව ඇත්නම් පමණි.

2023 වර්ෂයට අදාළ සුදුසුකම්ලත් තැනැත්තන් ඡන්ද හිමියන් ලෙස ගණන් ගැනීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් පවතී. ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා ඔබ සුදුසුකම් සපුරා ඇති අයෙක් නම් 2023.05.31 දින වන විටත් ග්‍රාම නිලධාරීවරයා ඔබ නිවසට නොපැමිණියේ නම් වහාම ඔහු හමුවන්න නැතහොත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් විමසන්න.

පසුගිය වර්ෂයේ ලියාපදිංචි වී ඇති ඡන්ද හිමියෙකු මියයෑම හෝ පදිංචිය වෙනස් වීම හෝ වෙනත් හේතුවක් නිසා මෙම වර්ෂයේ ලියාපදිංචිය සඳහා හිමිකම් නොබලන විටදී ඒ බව ද ඔබගේ ග්‍රාම නිලධාරී දැනුම්වත් කරන්න.

නාමලේඛනයට නම් ඇතුළත් කර ගැනීම හා ඡන්දය පාවිච්චි කිරීම පුරවැසියන්ගේ අයිතියකි, එමෙන්ම වගකීමකි. කරුණාකර මේ පිළිබඳව ඔබගේ පවුලේ සාමාජිකයින්, අසල්වැසියන්, හිතවතුන් වෘත්තීය සගයන්/සහායකයින් දැනුවත් කරන්න.

ඔබේ ඡන්දය රටේ අනාගතය තීන්දු කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments