මේ රටේ දූෂිත දේශපාලඥයින් විසින් ස්වාධීන කොමිෂන් සභා වලට කරන බලපෑම් පිළිබදව පාර්ලිමේන්තුවේදී අද විවාද වෙනවා. මහජන උපයෝගිතා කොමිසම 2002 පාර්ලිමේන්තු පනතකින් සම්මත වෙලා මේ රටේ ජන ජීවිතයට විශාල ලෙස බලපෑමක් කරන විදුලි බලය පිළිබඳ තීන්දු ගැනීමේදී ඇමතිවරයාට අත්තනෝමතිකව තීන්දු ගැනීම වැලැක්වීමටත් අමාත්‍යාංශ ලේකම්වරයා සහ අමාත්‍යංශය ගන්නා තීන්දු මහජන උපයෝගීතා කොමිසම තුළින් නිරීක්ෂණය කරලා ජනතාවට සහන සැපයීම තමා මේ තුළින් බලාපොරොත්තු වෙන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.
ඒ් මහතා මේ බව පැවසුවේ ඉකුත් (24)විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
මේ වෙනවිට අපේ රටේ කවුරුත් දන්නවා විදුලි බිල ඉතා විශාල ලෙස වැඩි වෙලා තියෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසයේ සියයට හයසීකින් මිල වැඩි කළා වගේම මේ වසරේ මුල් කාර්තුවේ නැවතත් විශාල ප්‍රමාණයකින් වැඩි කළා. ඒ මිල තීන්දු කළ යුත්තේ යන පිරිවැය මත පදනම් වෙලා ඒකකයක් නිපදවන්න යන පිරිවැය මත පදනම් වෙලා විදුලිබිල තීන්දු කළ යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා කියලා තියනවා.එහි ප්‍රතිඵලයක් ලෙස අසීමාන්තික ලෙස විදුලි බිල වැඩි කරලා. මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂම දැඩි තීන්දුවක හිටියා ඒ ප්‍රමාණය ඉතා වැඩියි ගණනය කිරීම වැරැදියි කියලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති වරයා දිගින් දිගටම පැහැදිලි කළත් එයට අතිගරු ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට ඔහුට විරුද්ධව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තියනවා එහිදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එම චෝදනා පත්‍රයට පිළිතුරු සපයා තියෙනවා.හරිනම් රජයක් කළ යුත්තේ මේ පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරලා චෝදනා සහ එයට ලබා දුන් පිළිතුරු පිළිබඳව සමාලෝචනයක් කරලා තීන්දුවක් ගැනීම.නමුත් එසේ කරන්නේ නැතිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරලා අද පාර්ලිමේන්තුවේදී විශේෂ විවාදයක් පැවැත්වෙනවා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීමට.අපට සභාපති වරයා කවුද අවශ්‍ය නැහැ අවශ්‍ය වෙලා තියෙන්නේ ස්වාධීන කොමිෂන් සභා ආරක්ෂා කරන්න ස්වාධීනව ගන්න තීන්දු.
දැන් මේ රජය මැතිවරණ කොමිසමට ඇඟිලි ගහලා මැතිවරණ සියල්ලම කල් දාලා තියෙනවා දැන් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාව ඉවත් කරලා රජය යටතට ගන්න තමයි තීන්දුව.19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොම්ෂන් සභා ස්ථාපිත කළා. දැන් 2021 කියලා ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා එම ස්වාධීන කොමිෂන් සභා අකර්මණ්‍ය කරන්න දූෂිත ආණ්ඩුව වැඩපිළිවෙළක් සකස් කරමින් යනවා. ඒ නිසා අපි අද බලාපොරොත්තු වුණා පාර්ලිමේන්තුවේ දී ප්‍රධාන විපක්ෂය විදිහට මෙයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න වගේම විපක්ෂයේ පක්ෂ සියල්ලම මේ වෙනුවට තීන්දු කරලා තියෙනවා රජය ගේන යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න.මේ යෝජනාවට පක්ෂව ඡන්දේ දෙන්නේ මේ රටේ විදුලි බිල රජයට ඕන විදියට වැඩි කරන්න කැමති අය පමණයි. දැන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති වරයා කියනවා ඉදිරියේ දී ජුලි මාසයේ මෙම පිරිවැයට ගැලපුම් යෝජනා ක්‍රමය 27%කට වැඩි ප්‍රමාණයක් විදුලිබිල අඩු කරන්න පුළුවන් කියලා එය රුපියල් 1000 විදුලි බිල 750 දක්වා අඩු කරන්න පුළුවන් කියලා. නමුත් රජය දැන් යෝජනා කරන්නේ මෙම රුපියල් 1000පමණ මුදල 900ට අඩු කරන්න ඒක ජනතාවක් පීඩාවට පත් කරන වැඩක්. ජනතා බලයෙන් බලයට පත්වෙච්ච ජනාධිපතිවරයෙක් නෙමෙයි ඉන්නේ එහිදී ජනතාවට කිසිම වගකීමක් කරන්නේ නැහැ මේ ජනාධිපති. ඔහු පොදුජන පෙරමුණේ දූෂිත මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් බලයට පත්වෙලා ජනතාව ගැන කිසිම ප්‍රශ්නයක් හිතන්නේ නැතුව ඔවුන්ට අවශ්‍ය දේවල් කරමින් යනවා ඒ නිසා මෙය පරාජය කරන්න අපි පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කරන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
ඒ වගේම මේ වෙනවිට රජය අසීමාන්තික ලෙස ණය ගැනිම සිදු කරනවා. 2023 වසරට ගෙනාපු ණය අයවැයෙන් අපේ රටේ ණය සීමාව ට්‍රිලියන හතරක් බවට සීමා කර තියෙනවා. නමුත් දැන් වාර දෙකකදී එය ට්‍රිලියන කින් වැඩි කරන්න තීන්දු කරලා පසුගිය සතියේ තවත් කෝටි ලක්ෂයක් වැඩි කරන්න තීන්දු කරලා ණය ගැනීමේ සීමාව 2023 වසරේ ට්‍රිලියන හයක් මුදල් කාරක සභාවට සභාපතිවරයා ඇතුළු මෙම මුදල් පනත් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්නේ සාකච්ඡා කරලා තීන්දු ගන්න. නමුත් මුදල් කාරක සභාව ස්ථාවර නියෝගය වෙනස් කරල මුදල් කාරක සභාව කෝප් කෝපා සභාපති ධුර විපක්ෂයට ලබා දෙන්න තීන්දු කළත් රජය කළේ විපක්ෂය ලබාදීපු නම ඉවත් කරලා තාවකාලික සභාපතිවරු රජයේ ගැත්තන් හැටියට පත් කරලා ඔවුන්ට අවශ්‍ය දේවල් කරගෙන යනවා.ණය සීමාව තවත් කෝටි ලක්ෂයකින් වැඩි කරන්න මුදල් කාරක සභාව අනුමැතිය දූන්නා එය පාර්ලිමේන්තුවට දාලා අනුමත කරගත්තා ඔවුන්ට බහුතරය තියෙන නිසා දැන් අද වෙද්දි අපේ රටේ සෑම පුද්ගලයෙකුම රුපියල් 1350000 ණයයි. අපේ රටේ සමස්ත නොගෙවූ ණය ප්‍රමාණය මේ වෙනවිට කෝටි ලක්ෂ ගනින්නේ නැතුව කෝටි 2800000යි එය 2020 තිබුණේ කෝටි 13…