26.3 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්police newsජීව උණ්ඩ හා පොලිස් නිල ඇඳුම් ළඟ තබාගෙන සිටි අයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

ජීව උණ්ඩ හා පොලිස් නිල ඇඳුම් ළඟ තබාගෙන සිටි අයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ හා අවසර නොමැතිව පොලිස් නිල ඇදුම් කොටස් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ පොලිස් පරීක්ෂක ඒ.එම්.ඒ.යු. අධිකාරි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) වනාතවිල්ලුව පොලිස් වසමේ 08 කණුව, සිරිසුමන වත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී බලපත්‍ර නොමැතිව බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 02 ක් හා අවසර නොමැතිව පොලිස් නිල ඇදුම් කොටස් සන්තකයේ තබාගෙන සිටි කරඩිපුවල් ප්‍රදේශයේ පදිංචි වයස අවඅරුදු 52 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වනාතවිල්ලුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත් කොට පොලිස් කමීස 11ක්, අත් දිග පොලිස් කමීසයක්,දිග පොලිස් කලිසම් 07ක් අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments