මුලතිව් නාගචෝල රක්ෂිතයයේ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි යුධ හමුදා කෝප්‍රල් වරයකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් සිදුකර ඇත.
ඒ් අනුව එම කාර්ය බලකාය මුලතිවි කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ අධීක්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරි කොඩිතුවක්කු මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය මුලතිවි කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.වී.සී.ටී. විජේරත්න ඇතුළු නිලධාරීන් (04) මුල්ලියාවේලි පොලිස් වසමේ නාගචෝල රක්‍ෂිත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර නාගචෝල රක්‍ෂිතයට අනවසරෙන් ඇතුළු වී පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි සැකකල හැකි ස්ථානයක් කැණීම් කරමින් සිටි තඹුත්තේගම, අම්බලන්තොට, මුලතිව්, මුල්ලියාවේලි, රාජංගනය සහ නොච්චියාගම ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 17 ත් 62 ත් වයසේ පසුවන පුද්ගලයන් අට දෙනෙකු සහ POSEIDON වර්ගයේ ස්කෑනර් යන්ත්‍රයක් සහ පූජා භාණ්ඩ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලියාවේලි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. තවද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරණු ලබන කෝප්‍රල් වරයකුද මෙම සැකකරුවන් අතර වේ
කේරළ ගංජා ජාවාරමෙි යෙදුන පුද්ගලයකු ජාවාරමෙන් උපයාගත් මුදල් ද සමගින් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක එල්.ඩි.එස්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (05) නිට්ටඹුව පොලිස් වසමේ අංක 41/8, නවගමුව, නිට්ටඹුව ලිපිනයේ දී වැටලීම් දෙකක් සිදුකර කේරළ ගංජා ග්‍රෑම් 80 ක් සන්තකයේ තබා ගැනිම සහ ජාවාරම් සිදුකල නවගමුව, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වන පුද්ගලයකු ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් 59,108.00 ක මුදලක් සහ ජංගම දුරකථනයක්, සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නිට්ටඹුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.