24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කැනඩාවේ ජීවත් වන දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් වන රෝයි සාමදානම් මහතා අධිකරණ,...

කැනඩාවේ ජීවත් වන දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් වන රෝයි සාමදානම් මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති හමුවෙයි.

කැනඩාවේ ජීවත් වන දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් වන රෝයි සාමදානම් මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සමග අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැ දැක ජාතික සංහිදියාව ගොඩ නැංවීමේ වැඩ පිලවෙල පිළිබදව ( 01) දීර්ඝ සාකච්ඡාවක නිරත විය.
මෙරට යුධ ගැටුම් පැවැති සමයේ විශාල ජනතාවක් රට හැර යාමෙන් ඔවුන් අතර සංහිදියාව ඇති කර ගැනීමේ අවශ්‍යතාවයත්, නැවත එවැනි ගැටුම් ඇතිවීම වළක්වා ගනිමින් සමගියෙන් ජීවත්වීම සදහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගැනීම සහ සාමය ගොඩ නැගීමේ කටයුතු විධිමත්ව කර ගෙන යාමේ අවශ්‍යතාවය රෝයි සාමදානම් මහතා විසින් අවධාරණය කළේය.
මෙහිදී අදහස් පළ කළ ආචාර්ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ මෙරට මහා සංඝ රත්නය ජාතික සංහිදියාව ගොඩ නැගීමේ කාර්යය සදහා රජ කාලයේ පටන් කටයුතු කළ බවත්, ජාතීන්ගේ සහ වෙනත් ආගමිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට සැම විටම කටයුතු කර ඇති බවත්, අවාධාරණය කළේය. දෙමළ ඩයස්පෝරාවට හා සාමය සංහිදියාව අගයන විදේශයන්හි වෙසෙන සෙසු අයටත් සාකච්ඡා සදහා පැමිණෙන ලෙස ආරාධනා කරන බවත්, ඒ සදහා අවශ්‍ය කරන සියලු පහසුකම් සපයන බවත් උන් වහන්සේ එහිදී දන්වා සිටින ලදී. දේශපාලන මැදිහත්වීම් වලින් තොරව මෙරටට ආදරය කරන පුරවැසියන්ගේ අයිතීන් රැක ගැනීම සදහා කෙරෙන කටයුතු සදහා උන් වහන්සේගේ දායකත්වය ලබා දෙන බව ද ආචාර්ය පල්ලේගම හේමරතන හිමියන් එම අවස්ථාවේදී පැවසුහ.
රුවන්වැලී සෑ චෛත්‍ය විහාරාධිපති රජ රට භික්ෂු විශ්ව විද්‍යාලයේ කුලපති, පුජ්‍ය ඊතල වැටුණු වැවේ ඥණතිලක හිමියන් සමගද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර ඉදිරියේ අදාළ පාර්ශ්ව සමග මේ පිළිබදව සාකච්ඡා කිරීමට උන් වහන්සේ කටයුතු කරන බව පැවසු අතර, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා ද ඊට එකගතාවය පළ කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments