28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්රුපියල් මිලියන 85 ක් වටිනා රන් තොගයක් රේගු දැලේ.

රුපියල් මිලියන 85 ක් වටිනා රන් තොගයක් රේගු දැලේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අංක UL 501 ගුවන් යානයෙන් (03) උදෑසන ප්‍රංශයේ පැරිස් නුවර සිට මෙරටට පැමිණි සැක කටයුතු පුද්ගලයකු ශ්‍රී ලංකා රේගුවේ මැණික් තක්සේරු අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්හ. පසුව ඔහුගේ ගමන්මලු පරික්ෂා කිරීමේ දී එහි ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබුණ රත්තරන් පොලු සහ ස්වර්‍ණාභරණ තොගයක් සොයා ගත්තේය. මෙම රත්තරන් තොගයේ මුළු බර කිලෝ 4 කුත් ග්‍රෑම් 611 ක් වූ අතර එහි වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 85 ක් වන බව ගණන් බලා තිබෙනවා. සැකකරු ප්‍රංශ ජාතික ෆෙචි ස්මයිල් වශයෙන් හඳුනා ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments