23.2 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්පාකිස්තානයේ කරච්චි නුවර සිට පමිිණි “wide Juliet” නෞකාවේ රුපියල් 647,720,000 පමණ...

පාකිස්තානයේ කරච්චි නුවර සිට පමිිණි “wide Juliet” නෞකාවේ රුපියල් 647,720,000 පමණ වටිනා හෙරොයින් වර්ගයේ මත්‍ද්‍රව්‍ය තිබි රේගුව සොයා ගනී.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වරාය පාලන අංශය වෙත ලද බුද්ධි තොරතුරකට අනුව සිදු කරන ලද දීර්ඝ විමර්ශණයකදී පාකිස්තානයේ කරච්චි නුවර සිට (15) ද පැමිණි “wide Juliet” නෞකාවෙන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබූ (Retain on Board) අධි ශීත බහාලුම් අංක TRIU 8424604 දරණ බහාලුම පරීක්ෂා කිරීමේදී එම සීත බහාලුමේ වාතාශ්‍ර ආවරණ තුල තිබී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16,193 හමුවූ අතර එහි වෙළදපොළ වටිනාකම රැ. 647,720,000 පමණ වෙතැයි තක්සේරු කර තිබේ. මේ සම්බන්ධව විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශය විසින් සිදු කරනු ලැබූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේද සහාය හිමිවිය. අදාල ආනයන ආයතනය මෙම වසරේ ජනවාරි මස දි ලියාපදිංචි කරන ලද්දක් වන අතර මෙය ඔවුන්ගේ තෙවෙනි ආනයනයයි. මෙම ආනයනය මුදා ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු කරමින් සිටි වාප්පු ලිපිකරුවෙකු හා ආනයනකරු ඇතුලු කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහායද ඒ සදහා ලැබී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත් ද සිල්වා මහතා සහ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය රේගු අධ්‍යක්ෂ චාන්දනී සෙනවිරත්න මහත්මියගේ උපදෙස් පරිදි නියොජ්‍ය රේගු අධ්‍යක්ෂ එච්. එම්. එන්. එස්. රාජගුරු මහතා, එන්. එස්. කුමානායක මහතා සහ සහකාර රේගු අධිකාරීවරුන් වන කේ. එම්. බී. එන්. විජේපාල මහතා, ජේ. ටී. ඒ. ජයකොඩි මහතා, එස්. නිතිපන් මහතා, එච්. එම්. එන්. අයි. එන්. බණ්ඩාර මහත්මිය සහ බී. ආර්. එපිටවල මහතා විසින් වැඩිදුර විමර්ශන කටයුතු කරනු ලබනවා. මූලික රේගු පරීක්ෂනයෙන් පසුව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහ අදාල සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාර දීමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments