26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකාලයක් තිස්සේ පැවැති මත්පෙති ජාවාරමක් හා තීරුබදු නොගෙවා තහනම් කෘමිනාශක ‌‌ගෙන්වන...

කාලයක් තිස්සේ පැවැති මත්පෙති ජාවාරමක් හා තීරුබදු නොගෙවා තහනම් කෘමිනාශක ‌‌ගෙන්වන ජාවාරමක සුලමුල එස්.ටී.එෆ්. සොයාගනී.

දිගු කලෙක සිට නීති විරෝධී ලෙස මත්පෙති ජාවාරමෙි යෙදී සිටි පුද්ගලයකු ගුවන් හමුදා සහයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටවලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට කටුනායක ගුවන් හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක එල්.බී.ඒ. මධුසංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27) සීදුව පොලිස් වසමේ ලියනගේමුල්ල, සිදුව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී ලෙස Gablin 150mg වර්ගයේ මත්කරල් 5,488 සන්තකයේ තබාගෙන සිටි සාලිය වැව හංදිය, පුත්තලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සීදුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

දිගු කලෙක පටන් රජයට තීරුබදු අහිමි කරමින් මෙරටට ආනයනය කරන ලැබු තහනම් කෘමිනාශක අලෙවි කළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒන්.එන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරි ඩබ්.සී.එස්. සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය වාකරේ නුවරඑළිය කඳවුරේ උප පොලිස් පරීක්ෂක ඒන්.ජී.ඒන්. දිසාන්ත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) කැප්පෙටිපොළ පොලිස් වසමේ රේන්දපොළ, මැකී ඇග්‍රෝ සෙන්ටර් වෙළඳසැලේ පහත මහලේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී දිගු කලෙක පටන් රජයට තීරුබදු අහිමි කරමින් මෙරටට ආනයනය කරන ලද මෙරට තහනම් කෘෂි රසායන ද්‍රව්‍ය විකිණීම සඳහා සන්තකයේ තබාටගන සිටි සමරවීරපුර, රේන්දපොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිමඩ, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments