25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා ආවා කල්ලියේ සාමාජිකයින් 3ක් තහනම් ආයුධ සමග එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා ආවා කල්ලියේ සාමාජිකයින් 3ක් තහනම් ආයුධ සමග එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මහා පරිමණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කරන්දෙනියේ සුද්දාගේ ප්‍රධාන ගෝලයා හෑෂ් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය i හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය i හි ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී.කේ.ඩී.ආර්.ඒ.කේ. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.06.30 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේ අම්බලන්ගොඩ, සුදුවැලිකඩ පාර, රේල් ගේට්ටුව අසල දී වැටලීම් සිදුකර ඇත.

එහිදී දිගු කලෙක පටන් මත්ද්‍රව්‍ය ජාවාරමෙි යෙදී සිටි අයෙකු හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 75 ක් සමඟ මාදම්පාගම, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම පුද්ගලයා දැනට විදේශ ගතවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කරන්දෙනියේ සුද්දා නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා බවට තොරතුරු අනාවරණය වී ඇත.

“ආව” කල්ලියට සම්බන්ධ බවට සැක සහිත පුද්ගලයන් තිදෙනෙකු තහනම් ආයුධ සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මාන්කුලම් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ආර්.එම්. සුමනවර්ධන මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී කේ.ජී.ජී.ජි. නිශාන්ත මහතාගේ අධීක්ෂණය මත මාන්කුලම් කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ.ජී.එල්. අමරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) මල්ලාවි පොලිස් වසමේ තෙන්නියන්කුලම්, පුල්ලයාර් කෝවිල අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී කඩු 02, කෙටේරියක් සමග “ආව” කල්ලියට සම්බන්ධ බවට සැක සහිත මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 සහ 22 අතර වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මල්ලාවි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

දිගු කලක සිට දූපතක් තුල මහාපරිමාණයෙන් නීති විරෝධී මත්පැන් ජාවාරම් කල පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) හලාවත පොලිස් වසමේ මැරවල ප්‍රදේශයේ කලපු දූපතක දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී මත්පැන් ලීටර් 60 ක්, ගෝඩා ලීටර් 3,420 ක් හා බැරල් 27 ක් සහිත පෙරීමේ උපකරණ සන්තකයේ තබාගෙන සිටි හලාවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 හා 48 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හලාවත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත

පුද්ගලයකු පැහැරගෙන ගොස් තියුණු ආයුධ වලින් කපා කොටා වෙඩි තබා බරපතල තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ව සිටි ප්‍රධාන සැකකරු වායු රයිෆලයක් ව්‍යාජ ජාතික හැදුනුම්පතක්, ව්‍යාජ රියදුරු බල පත්‍රයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව
අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයවිම ප්‍රකාරව පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ.එස්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) කඩුවෙල පොලිස් වසමේ අංක අංක 63/1, මාදින්නාගොඩ, රාජගිරිය ලිපිනයේ පිහිටි නිවස තුල දී වැටලීම් සිදුකර ඇත.

එහි දී ඉකුත් වසරේ දෙසැම්බර් (26) පුද්ගලයකු පැහැරගෙන ගොස් තියුණු ආයුධ වලින් කපා කොටා වෙඩිතබා බරපතල තුවාල කර මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීම සම්බන්ධව අවශව සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක් වන ප්‍රධාන සැකකරු ව්‍යාජ ජාතින හැදුනුම්පතක්, ව්‍යාජ රියදුරු බලපත්‍රයක්, ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රක් සහ අනන්‍යතාවය තහවුරු නොකල තුර්කියේ නිෂ්පාදිත වායු රයිෆලයක්ද සමගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩුවෙල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments