29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමහා පරිමාණයේ වල්ලපට්ටා හා ගජමුතු ජාවාරමක් එස්.ටි.එෆ්. අත්අඩංගුවට.

මහා පරිමාණයේ වල්ලපට්ටා හා ගජමුතු ජාවාරමක් එස්.ටි.එෆ්. අත්අඩංගුවට.

මහා පරිමාණයෙන් වල්ලපට්ටා ජාවාරමේ යෙදුනු පුද්ගලයකු විශේෂ කර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනිම් සිදුකර ඇත.

විශේෂ කාර්ය බලකාය දෙනියාය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර පොලිස් අධිකාරී එච්.වි.එන්. නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ.ඒ.පී. සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය දෙනියාය කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.යු.කේ.බි. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පිටබැද්දර හා කඹුරුපිටය අඩවිවන කාර්යාලවල නිලධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්ධව (13) මාවරල පොලිස් වසමේ ගොම්බද්දල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී ලෙස වල්ලපට්ටා දැව කොටස් කිලෝ ග්‍රෑම් 781 ක්, වල්ලපට්ටා නිශ්සාරණය කිරීමෙන් ලබාගත් තෙල් මිලි ලීටර් 150 ක්, බොයිලේරු 03 ක්, ගෑස් සිලින්ඩර් 03 ක්, ගෑස් ලිප් 04 ක්, විද්යුත් තරාදියක්, දුනු තරාදි 02 ක්, ප්ලාස්ටික් බැරල් 04 ක්, වීදුරු බීකර 04 ක් හා වල්ලපට්ටා කොටස් කිරීමට යොදාගත් ආයුධ ඇතුලු භාන්ඩ සන්තකයේ තබාගෙන සිටි ගොම්බද්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඹුරුපිටිය අඩවිවන කාර්යාලයට භාරදීමෙන් පසු දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇත.

දුර්ලභ ගණයේ ගජමුතු 03 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරී ගිහාන් ගුණරත්න මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ උප පොලිස් පරික්ෂක ආර්.එම්.එම්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) අම්පාර පොලිස් වසමේ අම්පාර බස් නැවතුම්පල අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී වදවී යන සත්වයෙකු වන ඇතුන් මරා ලබාගන්නා ලද දුර්ලභ ගණයේ ගජමුතු 03 ක් සන්තකයේ තබාගෙන සිටි සීදූව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments