බොරැල්ල ප්‍රජා ශාලවක සිවිලමේ සඟවා තිබු හෙරෝයින් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 11 නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 11 හි උප පොලිස් පරික්ෂක ටි.එන්. ධර්මවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) බොරැල්ල පොලිස් වසමේ අංක 330 A, සර්පනට්ටයින් මහල් නිවාස, බොරැල්ල යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600 ක ප්‍රමාණයක් අංක 330 A, සර්පනට්ටයින් මහල් නිවාස, බොරැල්ල යන ලිපිනයේ පිහිටි ප්‍රජා ශාලව පිටත සිවිලමේ සගවා තිබියදී අත්අඩංගුට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
විදේශිය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක්,එම ජීව උණ්ඩ 05 සමගින් යම් අපරාධයකට සැරසුනු පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාපය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒන්.එන්. ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ආර්.කේ.යු.ඕ. ඡයවර්ධන මහතාගේ අධික්ෂණයෙන් පුත්තලම කඳවුරේ පොලිස් පරික්ෂක ඩී.එම්.ආර්.එන්. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) පුත්තලම පොලිස් වසමේ 03වන පටුමග, බෝධිරාජපුර ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී විදේශීය නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිඅවි 01 සහ එම බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 05 සමග ඉහළ පුත්තලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මහා පරිමාණයෙන් ස්වභාවික පරිසරයට හානි කරමින් පතල් කැණීම් කරමින් සිටි සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර පොලිස් අධිකාරී එච්.වි.එන්. නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී. පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ කදවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එල්.එන්.ඩී. මොල්ලිගොඩ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.07.24 වන දින කුරුවිට පොලිස් වසමේ මල්ගහපිටිය, ගම්මුල්ලේවත්ත ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ඇත.
එහි දී බලපත්‍ර නොමැතිව දිගු කලෙක සිට අනවසරයේ පතල් කැණීම් කරමින් සිටි පූගොඩ, මාකොල සහ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ත් 41 ත් අතර වයසේ පසුවන පුද්ගලයන් සිව් දෙනෙකු පතල් කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුවිට පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
යතුරු පැදියකින් දිගු කලෙක සිට කේ.ජී. ජාවාරමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නදික සිල්වා මහතාගේ මෙහෙයවීම ප්‍රකාරව පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) ගල්කිස්ස පොලිස් වසමේ ගාලු පාරේ, වටරප්පල පාරට හැරෙන හන්දියේ දී වැටලීම් සිදුකර ඇත.
එහි දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 255 සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් ජාවාරමෙි යෙදී සිටි වයිකාල සහ අගලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 හා 34 පසුවන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පාතාල නායක ඩුබායි ධනුෂ්කගේ ගෝලයකු වන චන්දනගේ ප්‍රධාන ගෝලයා තියුණු අයුධ සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කඳවුරේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම් අංක II නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත ජයවර්ධනපුර කඳවුරේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම් අංක II හි උප පොලිස් පරීක්ෂක වී.එච්.ජී.එන්.අයි. ජනසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) මුල්ලේරියාව පොලිස් වසමේ අංක 233/ඒ, සිරිනිවාස මාවත, උතුරු මුල්ලේරියාව, අංගොඩ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී මන්නා පිහියක් සන්තකයේ තබාගෙන සිටි අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා ඩුබයි ධනුෂ්ක නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයකු වන චන්දන නැමැති පුද්ගලයාගේ සමීපතම ගෝලයකු වන අතර, තොටලග ප්‍රදේශයේ දී කපාකොටා ඝාතනයට ලක්වූ පුද්ගලයා සමඟ සමීපව ඇසුරු කල පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී ඇත.