ඩුබායි නිපුණගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ කාන්තාවක් හෙරොයින් සමඟ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් වැටලීම් සිදුකර ඇත.
ඒ් අනුව මෙම කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක පි.ජි.එස්.පි. විද්‍යාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ අංක 36/40, 13 වත්ත, අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී වර්තමානයේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි නිපුණ නැමති පුද්ගලයා සමග සමීප සමිබන්ධතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලැබු ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 25, මිලි ග්‍රෑම් 920 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 80,000.00 ක් හා ජංගම දුරකථන 02 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
රජයේ අනුමත අරක්කු වැඩි මිලට අලෙවි කල පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අභේරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ උප පොලිස් පරික්ෂක එචි.ඩි.කේ. විතාරන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) චුන්නාගම් පොලිස් වසමේ චුන්නාගම්, මයිලන්කාඩු ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී ලෙස වැඩි මිලට අලෙවි කිරීම සදහා රජයේ අනුමත අරක්කු මිලි ලීටර් 375 බෝතල් 19 ක් හා බියර් ටින් 12 ක් සන්තකයේ තබාගෙන සිටි චුන්නාගම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු මත්පැන් ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 40,000.00 ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා චුන්නාගම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තම පුද්ගලික ඉඩමෙි ඉතා රහසිගතව ගංජා වගාකල පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර පොලිස් අධිකාරී එච්.වි.එන්. නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී. පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඩබ්.එම්.ජී.ආර්. වීරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.08.01 වන දින තණමල්විල පොලිස් වසමේ රෝහණපුර, සූරියආර, තණමල්විල ලිපිනයේ දී වැටලීම් 02 ක් සිදුකර ඇත.
එහි දී තම පුද්ගලික ඉඩමක පර්චස් 60 ක පමණ භූමි ප්‍රමාණයක ගංජා ගස් 9,000 ක් හා ගංජා පැළ 750 ක් වගාකල තණමල්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ගංජා ගස් සියල්ල ගිණි තබා විනාශ කර ඇත.