දිගු කලෙක පටන් උග්‍ර විෂ මත්ද්‍රව්‍ය වන අයිස් සහ හෙරොයින් ජාවාරමේ යෙදුණු පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් සියල්ල විශේෂ කාර්ය බලකාය පාතාල මර්ධන කණ්ඩායමේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සිදුකර ඇත.
ඒ් අනුව විශේෂ කාර්ය බලකාය හංවැල්ල ප්‍රදේශයේ පාතාල මර්ධන රාජකාරි වාර්ථා කර සිටින බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධීක්ෂණය මත පාතාල මර්ධන කණ්ඩායමේ පොලිස් පරික්ෂක එච්.ඩී. සංජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (31) හංවැල්ල පොලිස් වසමේ අංක 166/F/1 පහල හංවැල්ල, හංවැල්ල යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 මිලි ග්‍රෑම් 200 සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 මිලි ග්‍රෑම් 300 සන්තකයේ තබාගෙන සිටි පහල හංවැල්ල, හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හංවැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොහු දිගු කලෙක පටන් මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරමෙ යෙදී සිටි බවට තොරතුරු අනාවරණය වී ඇත.
බූස්ස බන්ධනාගාරයේ හදිසි සෝදීසි කිරිමකින් ඉතා සුක්ෂමව සඟවා තිබු ජංගම දුරකතන සහ උපාංග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය බුස්ස කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.ඩබ්.වි නිමල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පොලිස් අධිකාරී ඒච්.යු.ඒන්. ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඒන්.ඒ්.පි.පි.කේ. කුලරත්න මහතාගේ අධීක්ෂණය මත බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශය හදිසි සෝදීසි කිරිමක් සිදු කරන ලද අතර එහිදි A වාට්ටුවේ රැදවියන් ස්නානය කරන ස්ථානයේ අපවිත්‍ර ජලය ගලා යන බටය තුල සුක්ෂම ලෙස සගවා තිබු බන්ධනාගාරය තුල තහනම් සිම්පත් සහිත ජංගම දුරකථන 02ක්, සිමි පත් 02 ක්, එම බැටර් 02ක් සහ පිටත ආවරණය ඉවත් කරන ලද දුරකථන චාජර් 01 ක් අත්අඩංගුවට ගෙන ඇත.
මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් හා පහරදීම් සම්බන්ධ නඩු කිහිපයට අවශ්‍යව සිටි අඳුපැලෑනෙ බිංදු ගල් කටස් වර්ගයේ ගිනි අවියක් හා හෙරොයින් සමඟ විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය භාර පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාගේ අධික්ෂණයෙන් තංගල්ල කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.සී.එල්. මුණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) හුංගම පොලිස් වසමේ අංක 227/04, අදුපැලෑන, රන්න ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 උණ්ඩ 02 ක් හා හෙරොයින් ග්‍රෑම් 07, මිලි ග්‍රෑම් 690 ක් සන්තකයේ තබාගෙන සිටි අඳුපැලෑනෙ බිංදු යන අනුවර්ථ නාමයෙන් හඳුන්වන රන්න අඳුපැලෑන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හුංගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොහු ඉකුත් මාසයේ (11) හම්බන්තොට පොලිස් වසමේදී වෙඩි තැබීමක් සිදුකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට උත්සහා කිරීම හා කපාකොට මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම හේතුවෙන් හම්බන්තොට බල අපරාධ 44/2023 නඩුවට හා හක්මන පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකුට පහරදී රුපියල් ලක්ෂ 38 ක් වටිනා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑම හේතුවෙන් හක්මන බල අපරාධ 25/2023 නඩුව යටතේ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයකි.