විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) සිදුව පොලිස් වසමේ අංක ආර්/පි 435, 7 වන පටුමග, රාජපක්ෂපුර, සිදුව ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් සන්තකයේ තබාගෙන සිටි සිදුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 මිලි ග්‍රෑම් 900 සමග නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 33,750 සහ ජංගම දුරකථන 01 ක්, ඩිජිටල් තරාදි 01ක් සමඟ මුදලින් රු.15,000.00 සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සිදුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අයිස් මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු සිදුව ප්‍රදේශයේ දී විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට
RELATED ARTICLES