22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරේ.

උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරේ.

චීන රජයේ මුල්‍යමය හා තාක්ෂණික ආධාර යටතේ යුවාන් මිලියන 240 ක වියදමකින් යුතුව කොළඹ, අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම අග්‍රවිනිශ්චයකාර ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය, ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උපරිමාධිකරණ සංකීරණ පරිශ්‍රයේදී (31) සිදු විණි.
ශ්‍රී ලංකාව සහ මහජන චීන සමුහාණ්ඩුව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් ශක්තිමත් කරමින් මීට වසර 30කට පෙර එනම් 1988 වසරේදී පෙර චීන රජය විසින් උපරිමාධිකරණ සංකීර්ණය ප්‍රදානයක් ලෙස මෙරටට ලබා දී ඇති අතර, ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමුහාණ්ඩුව සමග 2016 වසරේ අත්සන් කරන ලද ගිවිසුමකට අනුව උපරිමාධිකරණ සංකීර්ණය පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට එකග වී තිබේ.
අදියර දෙකක් යටතේ මාස 32 ක් තුළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිත අතර පළමු අදියර යටතේ අභියාචනාධිකරණය ස්ථාපිත කොටස හා දෙවන අදියර යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි කොටස ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇත.
2025 ඔක්තෝම්බර් මස 17 වැනි දින සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබේ.
ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළව මහජන චීන සමුහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය, මෙරට අධිකරණ අමාත්‍යාංශය හා චීන ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතා නියෝජිතායතනය අතර ගිවිසුමක් 2021 වසරේ දෙසැම්බර් මස 21 වන දින අත්සන් කරන ලදී.
ගරු අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, ගරු නීතිපති ජනාධිපති නීතිඥ, සංජය රාජරත්නම්, ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, ගරු අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ගරු අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ චීන තානාපති කාර්යාලයේ හා උපරිමාධිකරණ සංකීර්ණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments