මෙම මාසයේදී ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නොකර පවත්වාගෙන යෑමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම තීරණය කළ බව එහි සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරයි.
මේ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(04) එම සමාගම් පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මේවනවිට මිල සූත්‍රය සහ ජාත්‍යාන්තර ගෑස් මිල සසඳා බැලිීමේදි රුපියල් 470කින් ගෑස් මිල ඉහල යායුතු බවයි. නමුත් ජාත්‍යාන්තර වෙළෙඳපොලේ මිල උච්චාවචනය කල්තියාම තීක්ෂණව හඳුනාගෙන මිල අඩුවු අවස්ථාවේදී තොග රැස් කිරීමේ විශිෂ්ට කළමනාකාරිත්වයේ ප්‍රතිළුලයක් ලෙස මෙම මාසයේ මිල වැඩිනොකිරීමට සමාගම තිරණය කළේය.
ඒ් අනුව මෙම මාසයේත් ලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 2,982 , කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1,198ක් හා කිලෝග්‍රෑම් 2.3 රුපියල් 561 ලෙස තිබු මිල ගණන් කිසිදු වෙනසක් නොකර පවත්වාගෙන යෑමට කටයුතු සිදුකෙරේ.
ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල මිල ගණන් මේ වසරේ සිව්වතාවක් මේවනවිට අඩුකිරීමට සමාගම කටයුතු කර තිබෙන අතර ඒ් අනුව අප්‍රේල් මාසයේදී රුපියල් 1,005කින්, මැයි මාසයේදී රුපියල් 100ක්, ජූනි මාසයේ රුපියල් 452ක් හා ඉකුත් ජූලිමාසයේදී රුපියල් 204ක් ලෙස අඩුකළේය.
මෙම සහනය ජනතාවට ලබාදෙන අතරතුර රාජ්‍ය භාණ්ඩාගාරයට ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5ක් ඉකුත් සතියේ ප්‍රදානය කිරීමටද ලිට්රෝ සමාගම කටයුතු කළේය. වෙළෙඳපොළෙ අධ්‍යනය හා කාර්යක්ෂම තොග කළමනාකරණය කිරීම නිසා ජාත්‍යාන්තර මිල වැඩිවීම අභියෝගයට ලක්කරමින් ජනතාවට අඩුමිලට ගෑස් ලබාදීමට හැකිවීම අප සමාගම ලැබු සුවිශේෂි ජයග්‍රහණයක් බවද පීරිස් මහතා වැඩිදුරටත් කීය.