23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්බන්ධනාගාර රැඳවියන් ගැන කඩිනම් තීරණ කිහිපයක්

බන්ධනාගාර රැඳවියන් ගැන කඩිනම් තීරණ කිහිපයක්

මත්ද්‍රව්‍ය භාවිතය නිසා වැරදිකරුවන් වී බන්ධනාගාරගත වී සිටින රැඳවියන්ගේ පුනරුත්ථාපනය කඩිනම් කිරීමට තීරණය කර තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් මත අධිකරණ අමාත්‍යාංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මෙම වැඩපිළිවෙල කඩිනම් කිරීමට ද තීරණය කළ බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

බන්ධනාගාර ආශ්‍රිතව පැතිරයන කොවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් ඊයේ (04) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ රැඳවියන් 8000ක් පමණ මේ වනවිට බන්ධනාගාර තුළ සිටින බව එම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එවැනි පුනරුත්ථාපන වැඩසටහන් සම්පූර්ණ කළ රැඳවියන් PCR පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායනය කොට කඩිනමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එහිදී උපදෙස් ලබාදී තිබේ.

ඒ සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයත්, බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය හා ඒ සඳහා සුදුසු ස්ථාන යොදාගන්නා ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය  අමාත්‍යාංශය සඳහන් කරයි.

බන්ධනාගාර තුළ වෙසෙන කොවිඩ් ආසාදිත රැඳවියන් එක් බන්ධනාගාරයක් තුළට යොමුකොට අදාළ සෞඛ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙස ද ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම සියලු බන්ධනාගාර පරිශ්‍රයන් තුළ සිදුකරන PCR පරික්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට හා කඩිනම් කිරීමට යුද හමුදාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බවද යුද  හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එහිදී ප්‍රකාශ කළ බව සඳහන් වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments