29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්“අභිමානවත් පරපුරක් උදෙසා” – “දිරිය ජනනී” වැඩසටහන ආරම්භ කරයි

“අභිමානවත් පරපුරක් උදෙසා” – “දිරිය ජනනී” වැඩසටහන ආරම්භ කරයි

අපේ රටේ ජනගහනයෙන් ලක්ෂ 16 පමණ වූ වි‍ශේෂ හැකියාවන් සහිත
වූ පිරිසක් සිටිනවා. මේ අය අතරින් සුවිශේෂ වූ හැකියාවන් ඇති විශාල
පිරිසක් සිටින අතර එම අයගේ සම්පත් දායකත්වය උපයෝගි කරගනිමින්
අපේම රටේ දරුවන්ගේ මානසික ශක්තිය වර්ධනය කිරීම සදහා
“අභිමානවත් පරපුරක්” උදෙසා – “දිරිය ජනනී” වැඩසටහන ආරම්භ කරන
බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන,
පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල්
නිශාන්ත ද සිල්වා මහතා අමාත්‍යාංශයේ පැවති සමාරම්භක වැඩසටහනට
සහභාගිවෙමින් පැවසීය.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රවෘත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ශිෂ්‍ය ප්‍රජාවගේ මෘදු
කුසලතා වර්ධනය කිරීමට විධිමත් වැඩපිළිවෙලක්, විධිමත්, අවිධිමත් සහා
නොවිධිමත් අධ්‍යාපනය තුළ අත්‍යාවශ්‍ය කාරණයක් බව අප හඳුනාගෙන
තිබෙනවා. ප්‍රතිඵල පාදක අධ්‍යාපනයට යොමු වන දරුවා තුළ යැපුම්
මානසිකත්වය වර්ධනය වෙමින්, ස්වශක්තිය විශ්වාස නොකරන, ආත්ම
විශ්වාසය ගැන හැඟීමක් නැති, පෞරුෂ ගුණාංග මෙන්ම මානව
ගුණාංගවලින් තොර වූ පිරිසක් බව සමාජයේදී එදිනෙදා සිදුවන
ක්‍රියාකාරකම් දෙස බැලීමේදී නිරීක්ෂණය වෙනවා. එම නිසා රට මෙන්ම
ජාත්‍යන්තරය ජයගත් විශේෂ අවශ්‍යතා ඇති අයගේ මඟ පෙන්වීම තුළින්
දරුවන් යහමගට ගැනීම මෙම වැඩසටහනින් අපේක්ෂා කරන බව
අමාත්‍යවරයා පැවසීය.

අභිමානවත් දේශයක් වෙනුවෙන් මෙම කටයුත්ත රට පුරා තිබෙන
පෙරපාසල් හා පාසල්වල දරුවන් වෙත ගෙන යාමට අපේක්ෂා කරන අතර
ඒ සඳහා අප අමාත්‍යාංශය අප රටට ආදරය කරන සියලුම ශ්‍රී
ලාංකිකයන්ගේ සහයෝගය අපේක්ෂා කර බවත් වැඩි දුරටත් පැවසීය.
අපේ රටේ දරුවන්ට අනුකම්පාව වෙනුවට දැනුමෙන්, කුසලතාවෙන් සහ
මානව දයාවෙන් පෝෂණය කළ යුතු බවත් එම විට එම දරුවන් රටට,
දැයට, ගහකොළට සහා සතා සිව්පාවට පවා ආදරය දක්වන බවත් එසේ
එම දරු පරපුර නිර්මාණය කලහොත් අනාගතයේ අපේ රට ඉතාමත්
පැහැබර අනාගතයක් තිබෙන බවත් ඒ වෙනුවෙන් අතිගරු
ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන් මෙන්ම සමස්ථ රජයම කැපවී ක්‍රියාකරන
බවත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත්
පිළියන්දල, කරගම්පිටිය විජය විද්‍යාලයේ රමල් ක්‍රිස්ටෝපර් සහබන්දු
ශිෂ්‍යයා, කුලියාලිටිය ඇද්වැද්දුම සුභාරති කණිෂ්ඨ විදුහලේ උදිත් ශාලුක
ශේෂාන් ශිෂ්‍යයාට සහා මීරිගම ඩඩ්ලි සේනානායක ආදර්ශ මහා විදුහලේ
11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කෞෂල්‍යා හිරුෂාණි ශිෂ්‍යාවට මෙන්ම තම
ආබාධිත බව පසෙක ලා ජාත්‍යන්තරය ජයගත් මහරගම තිලංගා
මධුභාෂිණි සහ ආශ්චර්යා ජයකොඩි යන මහත්මීන් ද අමාත්‍යතුමා විසින්
විශේෂ ඇගයීමකට ලක් කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කුමාරි ජයසේකර, මිනිස්
බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල
මහත්මීන් සහ දරුවන්ගේ දෙමව්පියන්ද සහභාගි විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments