28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්හත් වැනි චීන - දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහ 27වැනි කුන්මිං ආනයන හා...

හත් වැනි චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහ 27වැනි කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍යවරයා චීනයට……

චීන ජනරජයේ යුනාන් වාණිජ දෙපාර්තමේන්තුවේ ආරාධනයෙන් වෙ‍ෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා (16) සිට (20) දක්වා පැවැත්වෙන 7වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහ 27 වැනි කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතයි. මෙහිදී අමාත්‍යවරයා චීන-දකුණු ආසියා ව්‍යාපාරික සංසදය ඇමතීමටත් චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන ද්විපාර්ශ්වික රැස්වීම් සහ සාකච්ඡාවන් සඳහා සහභාගී වීමටද නියමිතව ඇත.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව හා චීනය ඇතුළු අනිකුත් ආසියාතික රාජ්‍යයන් අතර ද්වීපාර්ශවීය වෙළෙඳ හා වාණිජ ප්‍රවර්ධන කටයුතු උදෙසා වැදගත් සංධිස්ථානයකි. පැවැති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකිව යළි වසර 03කට පසු නැවත පැවැත්වෙන මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා දේශීය නිෂ්පාදකයන් රැසක් සහභාගී වීමටද නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments