21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්දෙස් විදෙස් රැකියා වෙළදපොළ ඉලක්ක කර ගනිමින් සිසුන් 35000ක් මේ වසර තුළ...

දෙස් විදෙස් රැකියා වෙළදපොළ ඉලක්ක කර ගනිමින් සිසුන් 35000ක් මේ වසර තුළ බදවාගෙන ඇති බව අනාවරණය වෙයි – කෝප් කමිටුවට පුහුණු අධිකාරිය කැඳවු අවස්ථාවේදී.


රැකියා වෙළදපොළදට ගැළපෙන පරිදි නව පාඨමාලා ආරම්භ කිරීමට නිර්දේශ,උපදේශකවරුන්ගේ වැටුප් වැඩිකර ඒ සදහා සුදුසුකම් සහිත පිරිසක් ආකර්ෂණය කරගැනීමටත් පියවර ගන්නා ලෙස නියෝග

කාරක සභා රැස්වීම ආරම්භයේදීම කෝප් සභාපතිවරයා වෘත්තිය පුහුණු අධිකාරිය පෙර කෝප් රැස්වීම්වල ලබා දුන් නිර්දේශවලට අනුකූලව ලබා ඇති ප්‍රගතිය පිළිබදව සිය ශුභාසිංශන පළ කර සිටියේය. අනතුරුව පහත සදහන් කරුණු පිළිබඳ අවධානය යොමුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් ඉකුත් (09) රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව) ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය කැඳවා තිබූණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) ප්‍රසන්න රණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට කැදවා තිබිණි.

අධිකාරියේ සංයුක්ත සැලැස්ම
අධිකාරියේ සංයුක්ත සැලැස්ම සකස් කිරීම සදහා මූලික වැඩමුළුවක් පැවත්වීමෙන් අනතුරුව 2023-2027 වසර සදහා සංයුක්ත සැලැස්මක් පිළියෙල කළ බවත් ඒ සදහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමතිය හිමිවී වූ බවත් අධිකාරියේ සභාපතිවරයා සදහන් කළේය.

අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අනෙකුත් තනතුරුවල පුරප්පාඩු
ආයතනයේ පුරප්පාඩු වී ඇති අධ්‍යක්ෂ ජනරාල් ධුරය පිරවීම සදහා පියවර ගෙන ඇති බවත් ඒ සදහා සම්මුඛ පරීක්ෂණය ඉදිරියේදී පැවැත්වෙන බවත් අනාවරණය විය. එසේම මේවන විට බදවා ගැනීම් සදහා අනුමැතිය ලබා දීමේ බලය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට නැවත පවරා ඇති බැවින් ඉතිරි ප්‍රධාන තනතුරු 6 සහ අනෙකුත් පුරප්පාඩු පිරවීම සදහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දුන්නේය.

රැකියා වෙළදපොළ ඉක්කකර සිසුන් බදවා ගැනීම
දෙස් විදෙස් රැකියා වෙළදපොළ ඉලක්ක කර ගනිමින් මේ වන විට සිසුන් 35000ක් මේ වසර තුළ බදවාගෙන ඇති බව අධිකාරියේ සභාපතිවරයා පැවසීය. එසේම දැනටමත් කුසලතාව සහිත ශ්‍රමිකයන්ට එය වැඩි දියුණු කොට ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතිකයක් නිකුත් කිරීම සදහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද නිර්දේශ කෙරිණි.

දකුණු කොරියාව, ඔමානය ඇතුළු රටවලින් ලැබෙන රැකියා ඉල්ලුමට අනුව කටයුතු කරන බවත් රැකියා ඉල්ලුම වැඩි ක්ෂේත්‍ර සදහා වැඩි අවධානයක් යොමුකරන බවත් අධිකාරියේ සභාපතිවරයා සදහන් කළේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ගිවිසුමක් මේ වන විට පවතින බවත් පුහුණු ශ්‍රමිකයන් 2000කට ආසන්න ප්‍රමාණයක දත්ත ලබා දී ඇති බවත් අනාවරණය විය.

පාසැල් අතහැරයන තරුණ පිරිසට නිසි වෘත්තිය පුහුණුවකට යොමුකිරීමේ අවශ්‍යතාව කෝප් සභාපතිවරයා අවධාරණය කරන ලදී. මේ සදහා නව වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ආරම්භකර ඇති බවත් මෙහි නියමු ව්‍යාපෘතිය පසුගියදා මහනුවර ධර්මරාජ විදයාලයේ පැවති බවත් අනාවරණය විය.
දකුණු කොරියාව, ඔමානය ඇතුළු රටවලින් ලැබෙන රැකියා ඉල්ලුමට අනුව කටයුතු කරන බවත් රැකියා ඉල්ලුම වැඩි ක්ෂේත්‍ර සදහා වැඩි අවධානයක් යොමුකරන බවත් අධිකාරියේ සභාපතිවරයා සදහන් කළේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ගිවිසුමක් මේ වන විට පවතින බවත් පුහුණු ශ්‍රමිකයන් 2000කට ආසන්න ප්‍රමාණයක දත්ත ලබා දී ඇති බවත් අනාවරණය විය.

පාසැල් අතහැරයන තරුණ පිරිසට නිසි වෘත්තිය පුහුණුවකට යොමුකිරීමේ අවශ්‍යතාව කෝප් සභාපතිවරයා අවධාරණය කරන ලදී. මේ සදහා නව වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ආරම්භකර ඇති බවත් මෙහි නියමු ව්‍යාපෘතිය පසුගියදා මහනුවර ධර්මරාජ විදයාලයේ පැවති බවත් අනාවරණය විය.
ඒ අනුව රැකියා වෙළදපොළදට ගැළපෙන පරිදි නව පාඨමාලා ආරම්භ කිරීම සදහා නිර්දේශ කෙරිණි.

පාඨමාලා උපදේශකවරුන්ගේ වැටුප් ඇතුළු ගැටලු
මෙම ආයතන භාණ්ඩාගාරය මගින් නඩත්තු වීම වෙනුවට ස්වයං ආදායම් උත්පාදන තත්ත්වයට පත්වීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදී. (Fee Levying system) එසේම උපදේශකවරුන්ට සිදුකරන ගෙවීම් පුමාණවත් නොවන බැවින් උපදේශවරුන්‍ සේවය අතහැර යාම ඇතුළු ගැටලු පිළිබදව අවධානය යොමුවිය. මේ අනුව පහත නිර්දේශ ලබා දීම සිදුවිය.
• උපදේශකවරුන්ගේ වැටුප් වැඩිකර ඒ සදහා සුදුසුකම් සහිත පිරිසක් ආකර්ෂණය කරගැනීමට කටයුතු කිරීම
• උපදේශකවරුන්ගේ ගෙවීම් වැඩිකිරීම සදහා අධිකාරිය විසින්ම පාඨමාලා හරහා අයකරගනු ලබන මුදල් භාවිතා කිරීම (Fee Levying system)
• උපදේශකවරුන් පුහුණු කිරීම සදහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීම සහ ඔවුන්ට යම් වෘත්තීමය සුදුසුකමක් ලබාදීම.
උපදේශකවරුන්ගේ ගෙවීම් වැඩිකරගැනීම සදහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, මේජර් සුදර්ශන දෙනිපිටිය, රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments