ශ්‍රී ලංකා වරාය අධිකාරියට පුද්ගලික අංශයෙන් සේවා සපයන බහලුම් ප්‍රවාහන කර්මාන්තයේ දැවැන්තයා වන බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ වසර තිස් හතරවන සංවත්සර සැමරේ.
එම සංගමයේ ශක්තිය සාමාජිකයින් අටසිය පනහකට අධික හා බහලුම් ප්‍රවාහන රථ හාරදහස් පන්සීයක් පමණ තිබෙන දැවැන්ත සංගමයවේ. පසුගිය කාලය පුරාවට ආගමන් මඟට නව අරුතක් එක් කරමින් අප සාමාජික ප්‍රවාහන රථ හිමිකරුවන් හා ආනයන අපනයන කර්මාන්තකරුවන් ව්‍යාපාරිකයන් අතර වඩාත් සමීප සබඳතායක් ඇති කරමින් ව්‍යාපාරික අවස්ථාවන් පුළුල් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉකුත් (25) ෂැංග්‍රීලා හෝටල් පරිශ්‍රයේදී සංගමයේ තිස්හතරවන අභිමානවත් සුහද හමුවට සමගාමිව නව වෙබ්අඩවිය එළිදැක්වීම සංගමයේ සභාපති සනත් කේ. මංජුල මහතාගේ ආරාධනයෙන් වරාය, නිවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා සහ විදුලිබල හ බලශක්ති ඇමැති කාංචන විජේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
එම අවස්ථාවේ බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ වටිනාගම අවබෝධ කොට ගෙන සංගමයට හිතවත් විද්වතුන්,කලාකරුවන් ,ව්‍යාපාරිකයින් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියහ. ඉදිරියේදීත් අපගේ එකමුතුව තුල බහලුම් ප්‍රවාහනයේ දී සුවිශේෂි රක්ෂණාවරණයක් හා අවම මිල ගණන් යටතේ අපනයන කර්මාන්කරුවන්ට දිරියක් වෙමින් නව තාක්ෂණික උපාය මාර්ගයන් භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික දියුණුව වෙනුවෙන් අත්වැල් බැඳගනිමින් අඛණ්ඩව කාර්යක්ෂම සේවා සැපයීමටත් මෙරට නව ආර්ථික දැක්ම ජාත්‍යාන්තරයට එක්කිරීමටත් අප බලාපොරොත්තුවන වන අතර ඒ් සඳහා අප සංගමයේ සියලු සාමාජිකයින් සහයෝගයෙන් කටයුතු එකමුතුව අත්වැල් බැඳගෙන සිටින බව එම සංගමය නිකුත් කර තිබෙන නිවේදනයක දැක්වේ.
