ශ්‍රී ලංකා ජූඩෝ සංගමය මඟින් සංවිධානය කරන ලද ” ජාතික ආධුනික 2023 ජූඩෝ තරගාවලිය ” ඉකුත් (27) සිට (29) දක්වා පොලොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.
මෙම තරඟාවලිය සදහා ජූඩෝ ක්‍රීඩා කණ්ඩායම් 44 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 430 දෙනෙකු පමණ සහභාගී වී ඇති අතර ශ්‍රී ලංකා පොලිසියෙ නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩික ක්‍රීඩිකාවන් 10 දෙනකු සහභාගි විය.එහිදී 70kg න් පහල කාන්තා බර පන්තිය නියෝජනය කරමින් සහභාගී වූ කාන්තා පොලිස් කොස්තාපල් 12564 ජේ.ඒ.එස්.ඩී.පෙරේරා ක්‍රීඩිකාව ලෝකඩ පදක්කමක් ලබා ගෙන ජයග්‍රහණ හිමිකර ගෙන ඇත.
ශ්‍රී ලංකා පොලිස් ජූඩෝ කණ්ඩායමේ සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා කටයුතු කරන අතර එහි ලේකම් ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එල්.ලියනගේ මහතා කටයුතු කරනු ලබයි.එමෙන්ම කළමනාකරු ලෙස පොලිස් පරීක්ෂක බී.ජී.ගෝනවල මහතා සහ කණ්ඩායම් පුහුණුකරු ලෙස පොලිස් සැරයන් 42303 එම්.එම්.එස්
මුයිෂ් නිලධාරියා කටයුතු කරනු ලබයි.