21.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්උසස් පෙළ ජයග්‍රහකයින්...

උසස් පෙළ ජයග්‍රහකයින්…

උසස්පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව කලා අංශයේ ප්‍රථම ස්ථානය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියක් විසින් හිමිකරගෙන ඇත.

ඒ අනුව එම විද්‍යාලයේ ඩබ්.ඒ.එම්. සචිනි සත්සරණි මෙවර කලා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ.

නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය, මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රමෝදි මුණසිංහ ශිෂ්‍යාවට හිමිව තිබේ.

භෞතික විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ මනෙත් මනුල පෙරේරා සිසුවාටය.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ කවිදිනි තරුෂිකා ශිෂ්‍යාව වාණිජ විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය දිනාගත් අතර ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමුදිත නයනප්‍රිය ශිෂ්‍යයා ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත්තේය.

හැල හැප්පීම් රැසකට මුහුණදුන් 2022 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල (04) නිකුත් කර තිබුණි.

විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් අතුරින් 63%ක ප්‍රතිශතයක් සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

2022 වසරට අදාළ උසස් පෙළ විභාගය 2023 වසරේ ජනවාරි 23 සිට පෙබරවාරි 05 වැනිදා තෙක් පැවැත්වුණි.

ඊට පාසල් අයදුම්කරුවන් 149,487ක් පෙනී සිටියේය.

පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 17,451කි.

263,933ක් වූ අපේක්ෂකයන් අතරින් 63%ක ප්‍රතිශතයක් සරසවි වරම් ලබා තිබෙනවා. 

84 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk සහ www.results.exam.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසී විභාග ප්‍රතිඵල ලබාගත හැකිය.

එමෙන්ම යළි විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට ලබන 11 වැනිදා සිට 16 වැනිදා දක්වා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා ඊට අයදුම් කිරීමට හැකිය.

විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ද විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා ලබන සැප්තැම්බර් 07 වැනිදා සිට දහසය වැනිදා දක්වා අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යාංශය සඳහන් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments