23.1 C
Sri Lanka
Saturday, June 7, 2025
Homeදේශීය පුවත්කොරියානු භාෂා විශේෂ පරික්ෂණයෙන් 2019ට වඩා 2020 දී සියයට 20 ක පිරිසක්...

කොරියානු භාෂා විශේෂ පරික්ෂණයෙන් 2019ට වඩා 2020 දී සියයට 20 ක පිරිසක් සමත්

2020 වර්ෂයට අදාලව පවත්වනු ලැබූ කොරියානු භාෂා විශේෂ පරික්ෂණයෙන් සමත්
සංඛ්‍යාව, 2019 වර්ෂයට සාපේක්ෂකව සියයට 20 ක වැඩිමක් බව, ශ්‍රී ලංකා
විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

2019 දී පවත්වනු ලැබු කොරියානු භාෂා විශේෂ පරික්ෂණයෙන් රැකියා අපේක්ෂකයන්
464 දෙනකු සමත් වී ඇති අතර, මේ වර්ෂයේදී සමත් සංඛ්‍යාව 561 කි.විභාගයට
පෙනි සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 1338 කි. කොරියාවේ රැකියා සඳහා භාෂා විශේෂ
පරික්ෂණයෙන් සමත්විම අනිවාර්ය වේ.

මෙම විශේෂ විභාගය පවත්වනු ලබන්නේ දකුණු කොරියාවේ සේවා ස්ථානයන්හි වසර
04ක් සහ මාස 10ක් දක්ෂ හා කාර්යක්ෂමව කටයුතු කළ හා නීති විරෝධි කවයුතුවල
නොයෙදුනු තරුණයින් සඳහා නැවත රැකියා ලබාදීමේ එකඟතාවය යටතේ ලැබු අවස්ථාවක්
අනුව වේ.

මේ අතර, 2020 වර්ෂයට අදාලව පවත්වනු ලැබූ කොරියානු භාෂා විශේෂ පරික්ෂණයෙන්
සමත්වූවන්ගේ ප්‍රතිඵල www.slbfe.lkකාර්යාංශ වෙබ් අඩවියේ පළකර තිබේ.
සමත්වුවන් සඳහා සම්මුඛ පරික්ෂණ 2020.12.14 සිට 18 දක්වා පැවැත්වේ.

මේවන විට ශ්‍රී ලාංකිකයන් 25,000 ක් පමණ කොරියාවේ රැකියාවල නිරතව සිටින
අතර කොරෝනා වසංගතය පැතිරිමත් සමග ගුවන් ගමන් අත්හිටුවිම හේතුවෙන් නව
රැකියා සඳහා පිටත්විම අඩුවුවද, නිවාඩුවට පැමිණ නැවත රැකියා සඳහා පිටත්ව
යන පිරිස අවස්ථා කිහිපයකදි මත්තල ගුවන් තොටුපල මගින් 300කට අධික පිරිසක්
මේ වන විට පිටත් කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments