21.3 C
Sri Lanka
Sunday, June 8, 2025
Homeදේශීය පුවත්PCR කිරීමට තවත් රෝහල් 10කට අනුමැතිය

PCR කිරීමට තවත් රෝහල් 10කට අනුමැතිය

දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 20,000ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ  පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

මේ වනවිටත් ඒ සඳහා රජයේ රෝහල් 05කට සහ පෞද්ගලික රෝහල් 05කට අනුමැතිය හිමිව ඇති බව ඔහු සඳහන් කළේය.

මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා මේ බව කියා සිටියේය.

“දැනට අපේ තිබෙන PCR පරීක්ෂණ ප්‍රමාණය 13,000ත් 14,000ත් අතර. ඉදිරියේදී 20,000 සීමාවට මේක ගේන්න සැලසුම් කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් වෙනුවෙන්, සාමාන්‍ය රෝහල්වලට අමතරව තවත් රෝහල් කිහිපයක් PCR පරික්ෂණ සඳහා අනුමත කරලා තියෙනවා. පෞද්ගලික රෝහල් 5කුත් PCR පරීක්ෂණ සඳහා යොමුකිරීමට අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ අනුව දිනකට PCR පරික්ෂණ 20,000ක් ලංකාවේ රෝහල් මගින් සිදුකරන්නට හැකියාව ලැබෙයි.” යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments