23.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්police newsහෙරොයින් ජාවාරම් රැසක සුලමුල එස්.ටී.එෆ්.සොයාගනී.

හෙරොයින් ජාවාරම් රැසක සුලමුල එස්.ටී.එෆ්.සොයාගනී.

දිගු කලක පටන් කොළඹ ප්‍රදේශයේ කුඩු ජාවාරම මෙහෙයවන තොටළග කුමාරි යන අයගේ ප්‍රධාන ගෝලයෙකු වන මාකොළ චූටා හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් සහ වැටලීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකය (කොළඹ කළාපයේ) නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකය (කොළඹ කළාපයේ) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එස්.එච්. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) සපුගස්කන්ද පොලිස් වසමේ මාකොළ – මාවරමණ්ඩිය මාර්ගයේ, පිංතු මෝටර්ස් ආසන්නයේ, මාකොළ පාර, කනත්ත හංදියේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී දිගු කලක පටන් කොළඹ ප්‍රදේශයේ කුඩු ජාවාරම මෙහෙයවන තොටළග කුමාරි යන අයගේ ප්‍රධාන ගෝලයෙකු වන මාකොළ උතුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක් වන මාකොළ චූටා හෙරොයින් ග්‍රෑමි 11, මිලි ග්‍රෑමි 200 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත භාර දී ඇත

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි තොටලඟ ඉන්දික හෙරොයින් සමඟ යාපනය ලංගම බස්නැවතුම්පොලේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඩී.එම්.පී.අයි. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) යාපනය පොලිස් වසමේ ලංගම බස්නැවතුම්පොළ ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී හෙරොයින් ග්‍රෑම් 33 ක් සන්තකයේ තබාගෙන යාපනය ලංගම බස්නැවතුම්පොලේ රැදී සිටි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි තොටලග ඉන්දික යන අනුවර්ථ නමින් හදුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙරටට තීරුබදු අහිමි කරමින් හොර පාරෙන් ගෙන් වූ මැන්චෙස්ටර් දුම්වැටි 1000ක් සමග පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) වන දින පෑලියගොඩ පොලිස් වසමේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම යට දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී ලෙස මෙරටට හිමිවිය යුතු තීරුබදු අහිමි කරමින් ආනයනය කරන ලද Manchester වර්ගයේ දුම්වැටි 1,000 ක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ 14 ස්ටේට් පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑළියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments