කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හුදකලා කරඇති පොලිස් වසම් දෙකක් සහ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (07) උදෑසන 05.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බ්ලූමැන්ඩල් පොලිස් වසම හුදකලා තත්ත්වයෙන් ඉවත් කරඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මීට අමතරව වැල්ලම්පිටිය පොලිස් වසමේ විජයපුර ග්‍රාමනිලධාරි වසම හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කරතිබූ කැලණිය පොලිස් වසම ද අද උදැසන 05.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බව යුද හමුදාපතිවරයා පැවසීය.
මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාමනිලධාරී වසම් කිහිපයක් අද සිට හුදකලා කර තිබේ.