21.8 C
Sri Lanka
Friday, May 9, 2025
Homeදේශීය පුවත්පළාත් පාලන මැතිවරණය කල්දැමීමෙන් රුපියල් ලක්ෂ දසදහසක පාඩුවක්- පැෆරල් සංවිධානය

පළාත් පාලන මැතිවරණය කල්දැමීමෙන් රුපියල් ලක්ෂ දසදහසක පාඩුවක්- පැෆරල් සංවිධානය

පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා අවලංගු කිරීමට ගෙන ඇති තීරණය මඟින් රුපියල් ලක්ෂ දස දහසක මුදලක් රටට අහිමි වන බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, රට ආර්ථික අර්බුදයකට පත් ව ඇති මොහොතක මෙවැනි තීරණ ආණ්ඩුවකින් සිදු නොවිය යුතු බවයි.

“මේ වනවිට පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ කමිටුවක් විසින් පළත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා අවලංගු කිරීම පිළිබඳ යෝජනාවක් සම්මත කරගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ කමිටුවට සහභාගි වූ නියෝජිතයන්, ඊට සම්බන්ධ වුණ නිලධාරීන් ගෙන් අහන්නට කැමතී මේ වනකොට මැතිවරණය සඳහා ලක්ෂ 10,000ට වැඩි මුදලක් මැතිවරණ කොමිසම වියදම් කරලා තියෙනවා. ඒ වගේම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා ලක්ෂ 1,000කට ආසන්න සංඛ්‍යාවක්  වැයකරලා තිබෙනවා. මේ තීන්දුව හරහා මේ රටට අහිමි වන මුදල ලක්ෂ 10,000කට වැඩී. මේ මහජන මුදල් පිළිබඳ මේ ආකාරයේ තීන්දු ගැනීම සඳහා රටට සිදු වන අලාභයේ වගකීම කවු ද ගන්නේ. මේ මොහොතේ මේ මැතිවරණය පැවැත්වූයේ නැතත් පළාත් පාලන මැතිවරණය කොයි මොහොතක හෝ තබන්න සිද්ධ වෙනවා.”    

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments