සම්භාහන මධ්‍යස්ථාන SPA ගණිකා මධ්‍යස්ථාන නොවන බවත් ඉදිරියේදී සකස් කෙරෙන නීති රීති අනුව ප්‍රමිතියෙන් උසස් සම්භහන මධ්‍යස්ථාන ජාලයක් රටේ බිහිවෙන බව ලංකා සම්භාහන සංගමයේ සභාපති ප්‍රසන්න මුණසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඒ් මහතා මේ බව සඳහන් කළේ ඉකුත්(21) කොළඹ 02, නිපොන් හෝටලයේදී පැවැති මධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද කීය…… ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවු අප සංගමයේ නියෝජිතයින් සිදුකළ සාකච්ඡාවකදි ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් තු සිත හල්ඔළුව මහතා අප හා සම්බන්ධ කරමින් මෙම ව්‍යාපාරය විධිමත් කොට නැගීගෙන එන සංචාරක ක්ෂේත්‍රයට අනුව ප්‍රමිති ගත කිරීමට උපදෙස් ලබාදුන්නා. ඒ් අනුව සම්භහන මධ්‍යස්ථාන යනු තවත් ගණිකා නිවාස නොවේ එය ආයුර්වේද ක්‍රමවේදයකට අනුව මිනිස් සිරුරට අවශ්‍ය වැදගත් ප්‍රතිකර්මයක් ලෙසද සම්භහන මධ්‍යස්ථාන නමින් පවත්වාගෙන නීති විරෝධි ස්ථාන වැටලීම් සිදුකර වසා දැමීමට පියවර ගැනීමට අපි ඒ් මහතාගෙන් ඉල්ලා සිටියා. ඒ් අනුව ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පති සමගද සාකච්ඡා කොට මෙය මූලික වශයෙන් පිළියෙල කරගන්නා තුරු මාස තුනක් වැටලිම් නවත්වා මෙම සම්භහන ජාලය විධිමත් කරගැනීමට උපකාර කරන ලෙස ඉල්ලුවා. නමුත් බස්නාහිර පළාතේ වැටලීම් පොලිස්පතිගේ ඉල්ලීම්ද පසෙකලා තවම අනවශ්‍ය ලෙස වැටලීම් සිදුකෙරෙනවා. ඒ් පිළිබඳවත් අපි මේ අවස්ථාවේදී සිහිපත් කරනවා.
මේවනවිට මෙම මධ්‍යස්ථාන විධිමත් කිරීමට සිදුවෙන සාකච්ඡාවේදි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව නීති අංශ එක්ව අපි ඉදිරිපත් කර තිබෙන නිර්දේෂද සැලකිල්ලට ගෙන නීතිරීති සම්පාදනය සිදුකෙරෙමින් පවතිනවා. මෙම ව්‍යාපාරය 2019 වෙනකල් හොඳට ගිය අතර පසුව මෙය අයාලේ යන්න පටන් ගත්තා. අපීටත් අවශ්‍ය අක්‍රමිකතා සිදුවෙන නීතියට පටහැනි මධ්‍යස්ථාන ඉවත් කොට අපිත් ඇතුළත්ව රජය පත් කරන කමිටුවක් මගින් මෙය නියාමනය කොට දෙස්විදෙස් සංචාරකයින්ට අවශ්‍ය ප්‍රමිතිගත යහපත් සේවයක් ලබාදෙන සම්භහන මධ්‍යස්ථාන ජාලයක් මේ රටේ ඇති කිරීමටයි. මෙම මධ්‍යස්ථාන පළාත් පාලන ආයතනවල ලියාපදිංචිය සිදුකෙරෙනවා.
මෙම සංගමයේ ලේකම් රවින් පෙරේරා මහතා අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංවර්ධනය කරමින් තිබෙන සංචාරක කර්මාන්තයට ගැලපෙන සම්භහන මධ්‍යස්ථාන ඇති කිරීමේ වැඩපිළිවෙලකට තමයි අපි යොමුවි සිටින්නේ. ඒ් සඳහා සහයෝගය දක්වමින් රටේ නීතියට අනුව ක්‍රියාත්මක වන සම්භහන මධ්‍යස්ථාන ජාලයක් බිහිකිරීම සඳහා ලබන (24) ඉරිදා සවස 2.00ට කොළඹ 07 ටොරින්ටන් හිී පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනය වෙත පැමිණි ලංකා සම්භන සංගමය සංවිධානය කර තිබෙන සම්මේලනයේ කටයුතු සාර්ථාක කොට ඔබේද ව්‍යාපාර සාර්ථක කරගැනීමට එක්වන්න කියා මෙරට සිටින සම්භහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන අයගෙන් ඉල්ලා සිටිනවා. මේවනවිට ලංකාවේ සම්භහන මධ්‍යස්ථාන හයදහස් පන්සීයක් පමණ තිබෙන අතර ඉන් පවුල් ලක්ෂ දහයක් පමණ ජීවත්වෙනවා. මෙය ප්‍රමිතිගත කිරීම, සම්භහන මධ්‍යස්ථානවල සේවය කරන අයට වඩාත් හොඳපුහුණුවක් ලබාදී වෘත්තීමය සහතිකයක් ලබාදීම එකහ සළකුණක් හා එකම වර්ණයක් භාවිතා වන නගරයකට යම් සංඛ්‍යාත්මක ප්‍රමාණයකට සීමාවු සම්භහන මධ්‍යස්ථාන ජාලයක් බිහි කිරීමට තමයි මේ උත්සහය. මීට පටහැනිව අනීතික කටයුතු කරන සමාජ දූෂණයට තුඩු දෙන මධ්‍යස්ථාන ඉදිරියේදී අනිවාර්යෙන්ම ඉවත්වෙන බව කිව යුතුයි.
මේ අවස්ථාවට ලංකා සම්භහන සංගමයේ ජාතික සංවිධායක නලින් කුමාර ඇතුළු සංගමයේ ඉහල නිලධාරි පිරිසක් එක්ව සිටියහ.