අපරාධයක් සිදුකිරිමට හෝ අපරාධයක් සිදුකර පලායාම සදහා යොදාගැනීමට සුදානම් කර තිබු යතුරු පැදියක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුවි ඇත.
විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරී කේ.ජී නලීන් පෙරේරා මහතාගේ අධීක්ෂණය මත ජයවර්ධනපුර කඳවුර මගින් පාලනය වන දිවයිනේ සිදුවන මනුෂ්‍ය ඝාතන හේතුවෙන් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක සැලැස්මට අනුව C කළාපයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් සැරයන් 20799 සේනක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (26) බොරැල්ල පොලිස් වසමේ කාදර් නානා මාවතේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අපරාධයක් සිදුකිරිමට හෝ අපරාධයක් සිදුකර පලායාම සදහා යොදාගෙන ඇති බවට සැකපිට මාර්ගයේ නවතා තිබු මෙරට ලියාපදිංචි නොකරන ලද චැසි අංක J51B8111200107560 හා එංජින් අංක M9D50043 දරණ 450 CC එංජින් ධාරිතාවයක් සහිත DR ට්‍රේල් වර්ගයේ යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ස්වභාවික පරිසරයට හා ජෛව විවිධත්වයට දැඩි ලෙස හානි ගෙන දෙමින් වේ ඟගේ හා රක්වාන ඟගේ තැන තැන පතල් හෑරූ පුද්ගලයන් 22 ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ.ඒ.පී. සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එල්.එන්.ඩි. මොල්ලිගොඩ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඇහැළියගොඩ මැණික් ස්වර්ණාභරණ අධිකාරියේ විශේෂ වැටලිම් ඒකකය සමග ඒකාබද්ධව (25) වේ ඟග තුල හා රක්වාන ඟග තුල දී වැටලීමි කිහිපයක් සිදුකර ඇත.
එහි දී බලපත්‍ර නොමැතිව ස්වභාවික පරිසරයට හා ජෛව විවිධත්වයට හානි ගෙන දෙමින් වේ ඟග තුල ස්ථාන දෙකක හා රක්වාන ඟග තුල ස්ථාන දෙකක පතල් කැණීම් කරමින් සිටි දෑල, රත්නපුර, මාරපන, කහවත්ත, බලංගොඩ, නිවිතිගල, උඩකරවිට හා කිරිඇල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29 – 62 ත් අතර පුද්ගලයින් විසිදෙදෙනෙකු එම කැණිමි සඳහා යොදාගත් උපකරණ සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇහැළියගොඩ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ විශේෂ වැටලිම් ඒකකය වෙත භාර දී ඇත.
ස්වභාවික පරිසරයට හා ජෛව විවිධත්වයට දැඩි ලෙස හානි ගෙන දෙමින් මහා පරිමාණයෙන් හත්තොට අමුණේ පතල් හෑරූ සැකකරුවන් 14 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් කදවුරු අනදෙණ නිලධාරී පොලිස් පරික්ෂක එස්.ජී.සී.පී. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) ලග්ගල පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ස්වභාවික පරිසරයට හා ජෛව විවිධත්වයට හානි ගෙන දෙමින් දිගු කලක සිට මහා පරිමාණයෙන් හත්තොට අමුණ ප්‍රදේශයේ එක්ස්කැවේටර් යන්ත්‍ර 09 ක් උපයෝගි කර ගනිමින් පතල් කැණීම් සිදු කළ කාන්තාවන් තිදෙනෙකු හා පිරිම් පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී ඇති අතර මොවුන් හත්තොට අමුණ, මාතලේ, ලග්ගල, වැල්ලව, දේවාලේදෙනිය, අම්පාර සහ උකුවෙල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30 – 60 අතර වයසේ පසුවන පුද්ගලයන් වේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්න රමේෂ් ගේ මෙහෙයවීම මත අවිස්සාවේල්ල ඝාතනයේ වෙඩික්කරුට පලායෑමට සහය දුන් මාධ්‍යවේදියකු ඇතුළු පුද්ගලයන් සිවි දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මොරගහහේන, අවිස්සාවේල්ල, හංවැල්ල පොලිස් වසම් වල අංක 260/26/ඒ, ඔලබොඩුව, ගෝනපල ලිපිනයේ නිවසේ දී, තල්දූව, ගුරුගල්ල පාර, අවිස්සාවේල්ල සහ කඳනවත්ත පන්සල් හංදිය පාරේ දී වැටලීම් සිදුකර ඇත.
එහි දී ඩුඩායි රාජ්‍යයේ රැදී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක නොහොත් මන්න රමේෂ් යන අයගේ මෙහෙවීම මත ඉකුත් (20) අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, තුවාල සිදුකරන ලද වෙඩික්කරු හට සැඟව සිටීමට හා පලායාමට ආධාර අනුබල දුන් මීගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක මාධ්‍යවේදියකු සහ හෝමාගම, අවිස්සාවේල්ල, ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 25 ත් 30 ත් අතර පුද්ගලයන් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මිලි ග්‍රෑම් 260 ක් සහ හෙරොයින් ග්‍රෑමි 06 මිලි ග්‍රෑම් 260 ක් සහ ත්‍රී රෝද රථ 02 ක්, යතුරු පැදියක් සහ ජංගම දුරකථන 07 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අවිස්සාවේල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.