22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම්පත් නිකුත් කෙරේ...

කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම්පත් නිකුත් කෙරේ…

මේ වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම් පත් නිකුත් කිරීම ලබන(04) සිට (06) දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත. 

කොරියානු මානව සම්පත් අංශය විසින් පවත්වන මෙම විභාගය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk හි පළකර ඇති අතර, මෙම වසරේ නොවැම්බර් මාසයේදී පරිගණක ආශ්‍රිතව මෙම විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

නිශ්පාදන, ඉදිකිරීම් හා ධීවර යන ක්ෂේත්‍රවලට අදාලව මෙම විශේෂ කොරියානු භාෂා පරීක්ෂණය පැවැත්වෙන අතර, දකුණු කොරියාවේ වසර 4 මාස 10 ක කාලයක් සේවය කර නියමිත ගිවිසුම් කාලය අවසන්වීමෙන් පසු මෙරටට පැමිණ යළි දකුණු කොරියාවේ සේවය සඳහා යාමට කැමැත්තක් දක්වන වයස අවුරුදු 18-39 අතර ශ්‍රි ලාංකිකයින්ට මෙම විභාගයට අයදුම් කළ හැකිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments