29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්කර්මාන්ත දිනෙන් දින බිඳවැටෙන මොහොතක "ETCA" අස්සන් කළොත් කර්මාන්තකරුවාට වන්නේ "ගහෙන් වැටුණු...

කර්මාන්ත දිනෙන් දින බිඳවැටෙන මොහොතක “ETCA” අස්සන් කළොත් කර්මාන්තකරුවාට වන්නේ “ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ” වැඩක්-උත්තර ලංකා සභාගයේ ජාතික විධායක සභික ජයන්ත සමරවීර

ණය පොලී අනුපාත ඉතා ඉහළ අගයක් ගැනීම, විදුලි – ජල බිල්පත්, ගෑස් මිල ඇතුළු බලශක්ති ප්‍රභවයන්ගේ මිල ඉහළ යෑම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා වන බදු ඉහළ දැමීම හා දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ වන ගැටලුකාරී තත්ත්වය යන කරුණු හතර හේතුවෙන් මෙරට දේශීය කර්මාන්ත පද්ධතිය බිඳ වැටී ඇති බවත් එවැනි මොහොතක වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමග ETCA ගිවිසුම (Economic & Technology Cooperation Agreement) අත්සන් කළහොත් දේශීය කර්මාන්තකරුවාට සිදු වන්නේ “ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා වැනි වැඩක්” බවත් උත්තර ලංකා සභාගය පෙන්වා දෙයි.

අද(28) බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායක මාධ්‍ය හමුවේදී එහි ජාතික විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එබැවින් මෙරට දේශීය කර්මාන්ත පද්ධතිය සඳහා වන කිසිදු ආරක්ෂණ වැඩපිළිවෙළක් නොමැති වත්මන් ආණ්ඩුව, ඉන්දියාව සමඟ ETCA ගිවිසුම අත්සන් කිරීමට උත්තර ලංකා සභාගය දැඩි විරෝධය පළ කරන බව ද ඒ මහතා අවධාරණය කළේය.

මෙසේ දේශීය කර්මාන්ත පද්ධතිය බිඳ වැටී, භාණ්ඩ අපනයනය පහත වැටීම හේතුවෙන්, ගෙවීගිය වසර 30 පුරා සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 10 – 12ත් අතර අගයක පවත්වාගෙන ආ මෙරට වාර්ෂික අපනයන ආදායම මේ වසරේ දී බොහෝ සෙයින් අඩු විය හැකි බවත් ඒ කිසිවක් මායිම් නොකර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, මෙරට කර්මාන්තකරුවන්ගේ, වෘත්තිකයන්ගේ, වෘත්තීය සමිති හා වාමවාදී ප්‍රගතිශීලී දේශපාලන පක්ෂවල දැඩි විරෝධය හේතුවෙන් මෙතෙක් කලක් අස්සන් කිරීමට නොහැකිව තිබූ ETCA ගිවිසුමට පණදීමට සූදානම්වීම සුළුවෙන් නොතකන ලෙසත් ජයන්ත සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

දිනෙන් දින දේශීය කර්මාන්ත බිඳවැටී, වැසී යමින් තිබෙන මොහොතක, ETCA ගිවිසුම අත්සන් තැබුවහොත් ඉන්දියානු කර්මාන්තවලට පමණක් නොව, මෙරට සේවා ආර්ථිකයේ සියලු ක්ෂේත්‍රවලට ඉන්දියානු ශ්‍රමිකයන්ට ද රිසි සේ රිංගා ගැනීමට හැකිවන බවට ඒ මහතා අනතුරු ඇඟවූයේය.

එබැවින් ETCA ගිවිසුම අස්සන් තැබීමේ උත්සාහය පැරදවීමට, පටු වාදභේද අතහැර මෙරට සියලු ප්‍රගතිශීලී ජනකොටස් පුළුල් විරෝධතාවකට සූදානම් විය යුතු බව ද සමරවීර මහතා සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද එක්ව සිටියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments