25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම (TIFA) තවත් වසර...

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම (TIFA) තවත් වසර පහකට දීර්ඝ කරයි

ශ්‍රි ලංකා – ඕස්ට්‍රේලියා වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම (TIFA) තවත් වසර පහකට දීර්ඝ කිරීම (11) වනදා අමාත්යාංශයේදී වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්ය නලින් ප්‍රනාන්දු මහතා සහ ඕස්ට්‍රේලියානු සහකාර විදේශ අමාත්‍ය ටිම් වොට්ස් මහතා ඉදිරියේදී වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා හා ඕස්ට්රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් මහතා විසින් අත්සන් තබන ලදී. ඒ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්ය නලින් ප්රනාන්දු මහතා විසින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සිය යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කැබිනට් අනුමැතිය හිමි වීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන මිත්‍ර රාජ්‍යයක් වන ඕස්ට්‍රේලියාව මේ වන විට ශ්රී ලංකාව සමග ද්වීපාර්ශවීය වෙළඳ හා ආයෝජන සබදතා ආරම්භ කර වසර 75ක් ගත වී තිබේ. 2017 වසරේ නොවැම්බර් දෙවන දින අත්සන් කරනු ලැබූ මෙම ශ්‍රී ලංකා – ඔ්ස්ට්‍රේලියා වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම (TIFA) හරහා දෙරට අතර කෘෂි අපනයන වලට අදාළ ශාඛ නිරෝධායන ක්‍රියාවලිය වඩා පහසුකිරීම, ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන්, කුඩා පරිමාණ ව්‍යවසායකයන් සදහා වෙළෙඳපොලට ප්‍රවිෂ්ඨ වීමට වීම, විදේශ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම, ඩිජිටල් තාක්ෂණය සඳහා අත්වැල් බැඳ ගැනීම යන අරමුණු ඔස්සේ ඕස්ට්රේලියානු රජය ශ්‍රී ලංකා රජය සමග අත්වැල් බැඳ ගැනීමට නියමිතයි. තවද දෙරට අතර ව්යාපාරිකයන් සඳහා වෙළෙද හා ආයෝජන අවස්ථා ඇතුළත් නව ව්යාපාරික අවස්ථාවන් මෙන්ම වඩා හිතකර වෙළෙඳ පරිසරයක් ඇති කිරීම සඳහා වූ වෙළෙඳ ආයෝජන ආශ්රිත ගැටලු විසදීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීමටද මෙහිදී අවස්ථාව හිමිවේ.

මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා, වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ලක්මිණී මෙන්ඩිස් ඇතුළු අමාත්යාංශ නිළධාරීන් හා ඔ්ස්ට්රේලියානු සහකාර විදේශ අමත්‍ය ටිම් වොට්ස්, ඔස්ට්රේලියානු මහා කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් සහභාගී වූහ .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments