කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන පානදුර සලිඳුගේ ගෝලයා පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් සහ වැටලීම් සිදුකර ඇත.
ඒ අනුව එම කාර්ය බලකායේ අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් අංශය III හි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එස්.ඊ.එච්. මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.10.24 වන දින අළුබෝමුල්ල පොලිස් වසමේ අංක 377/A/4, දික්තුඩුව පාර, පානදුර ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත ඇත.
එහි දී කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 40 ක් සන්තකයේ තබාගෙන සිටි පානදුර දික්තුඩුව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.
මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන පානදුර සලිඳු නැමැත්තාගේ පුධාන ගෝලයකු හා ඩුබායි රාජ්‍යයේ සිට මෙරට වත්ද්‍රව්‍ය ජාවාරම හසුරවන නිලංග නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන සමීපතමයකු බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
කේරළ ගංජා කිලෝ එකකට අධික ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තිබි ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු ගෝනහේන විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක පි.කේ.සි. ප්‍රදීප් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) මිනුවන්ගොඩ පොලිස් වසමේ අංක 125/බි/1ඒ, කලහුගොඩ, මිණුවන්ගොඩ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සදහා කේරළ ගංජා කිලෝ 02, ග්‍රෑම් 70 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 ක් සන්තකයේ තබාගෙන සිටි මිණුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිණුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තීරබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මොණරාගල කලාපය භාර සහකාර පොලිස් අධිකාරී අශෝක කුමාර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.ජී.ඒ. නිශාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.10.24 වන දින බදුල්ල පොලිස් වසමේ අංක 04, තැපැල්හල පාර, බදුල්ල ලිපිනයේ පිහිටි “වසන්ත ස්ටෝර්ස්” වෙළදසැලේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී තීරබදු රහිතව මෙරටට ගෙන්වන ලද රජයේ සෞඛ්‍යය අවවාද සටහන් නොකල P&S වර්ගයේ දුම්වැටි 320 ක් සන්තකයේ තබාගෙන සිටි බදුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බදුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.