21.4 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්ඉතාලියේ හා මෙරට අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන්දෙරටෙහි ම පිළිගැනීමට ලක් වන ආකාරයේ...

ඉතාලියේ හා මෙරට අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන්දෙරටෙහි ම පිළිගැනීමට ලක් වන ආකාරයේ ක්‍රමවේදයක් සකසනවා-අධ්‍යාපන ඇමති සුසිල් ඉතාලියේ දී කියයි.

ඉතාලියේ හා මෙරට අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටෙහි ම පිළිගැනීමට ලක් වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ඉතාලියේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජුසෙප්පෙ වල්දිතාරා   (Giuseppe Valditara)  මහතා අතර පැවති සාකච්ඡාවක දී අදහස් හුවමරු විය. දෙරටෙහි අධ්‍යාපනය සඳහා අන්‍යෝන්‍ය පිළිගැනීමක් පැවතීම දෙරටෙහි ම ආර්ථික වර්ධනයට මෙන් ම සමාජයීය සහයෝගීතාව වර්ධනයටත් මනා රුකුලක් වන බව ද ඉතාලියේ පැවති මෙම හමුවේ දී අදහස් පළ කළ අමාත්‍යවරුන්ගේ පිළිගැනීම විය.
දෙරටෙහි  අධ්‍යාපනික සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් පැවති මෙම හමුවේ දී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ, මෙරට වෘත්තීය පුහුණු අධ්‍යාපනය ද ඉතාලියේ වෘත්තීය අවස්ථා හා ගැළපෙන අයුරින් විධිමත් ව සකස් කිරීම සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන බවයි. තව ද ශ්‍රී ලංකාව තුළ ලාංකිකයන්ට ඉතාලි භාෂාව විධිමත් ව ඉගෙන ගැනීමට අවශ්‍ය භාෂා විද්‍යාගාරයක් සහ ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉතාලි අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් මෙහි දී ඉල්ලීමක් කළේ ය.
මෙරට සිසුන් සඳහා ඉතාලියේ උසස් අධ්‍යාපන අවස්ථා තව දුරටත් පුළුල් කරගැනීම සම්බන්ධයෙන් ද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී ඉතාලි අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවී ය. මෙම අවස්ථාවට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් එක්විය.
 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments