දිගු කලෙක සිට නීතියේ ඇසට වැලි ගසමින් මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට
ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
ඒ අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක එල්.ඩී.එස්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) කටුනායක පොලිස් වසමේ කඩුතොටුපොල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී මත්පැන් ලීටර් 405 ක් තඹ දඟර 07 ක් සන්තකයේ තබාගෙන සිටි මිණුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කලක් මුළුල්ලේ සිට යතුරු පැදියකින් කේරළ ගංජා ජාවාරමේ යෙදුනු අඹුසැමි යුවලක් කේරළ ගංජා කිලෝ එකොලහකට ආසන්න ප්‍රමාණයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය උතුරු පලාත් විශේෂ වැටලිම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් උතුරු පලාත් විශේෂ වැටලිම් ඒකකයේ පොලිස් පරික්ෂක ජේ.ඒ.ජි.එම්. ජයසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) ත්‍රිකුණාමලය පොලිස් වසමේ NC පාර, තිරිකඩලුර් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කේරළ ගංජා කිලෝ 10 යි ග්‍රෑම් 610 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක කාන්තාවක් හා අවුරුදු 43 ක් වන පිරිමි පුද්ගලයකු එම යතුරු පැදිය සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තීරුබදු අහිමි කරමින් මෙරටට ගෙන්වන ලැබු දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විමහනුවර කලාපය භාර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒන්.එන් ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ඩබ්.සී.එස්. සිල්වා මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජී.ඒ.බී. ලලින්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) ඇල්ල පොලිස් වසමේ ඌව ගෝල්ඩන් ටී ඇල්ල වෙළද ආයතනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී තීරබදු රහිතව මෙරටට ගෙන්වන ලද රජයේ සෞඛ්‍යය අවවාද සටහන් නොකල BAHMAN වර්ගයේ දුම්වැටි 140 ක් MANCHESTER වර්ගයේ දුම්වැටි 200 සන්තකයේ තබාගෙන සිටි බදුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.