සීනි මෙට්‍රික් ටොන් 270 (270000kg)ක් සඟවා තබාගත් ප්‍රධාන ආනයන කරුවෙකුගේ තොග ගබඩාවකට මුද්‍රා තබයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකය පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ආනයනකාරුවන්ගේ සහ තොග බෙදාහරින තොග ගබඩා විශේෂ පරික්ෂාවකට ලක් කල අතර එහිදී සීනි ආනයන කරන ප්‍රධාන ආනයන කරුවෙකුගේ තොග ගබඩාවක් පරික්ෂා කිරිමට යෑමේදී තොග සන්තකයේ නැතැයි කියා ඇත. එහිදි විමර්ශන නිලධාරීන් වැඩි දුර පරික්ෂා කිරිමේ දී ගබඩාව තුල තිබී සිනි මෙට්‍රික් ටොන් 270ක ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.
එම අවස්ථාවේදී එම තොග පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන තුරු එම ගබඩාව මුද්‍රා තැබීමට කටයුතු කරනු ලැබිය. එමෙන්ම තොග බෙදාහරින ස්ථානයක් පරික්ෂා කිරිමේදී වැඩි මිලට අලෙවි කිරිමට සුදානම් කර තිබු සිනි මෙට්‍රික් ටොන් 5ක් ද පාරිභෝගික අධිකාරියේ භාරයට ගෙන එම ගබඩාවට ද මුද්‍රා තබා වැඩි මිලට අලෙවි කිරිම යන චෝදනා යටතේ නඩු පැවරීමට විමර්ශන නිලධාරීන් සමත්වූහ.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතාගේ උපදෙස් මත සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක සංජය ඉරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිදුකර ඇත.